රුවන්ඩාවේ සිදුවූ සමූල ඝාතනයට කතෝලික පල්ලිය සමාව ගනී.

0
52

f5e8fbab43bb4cf3a3672ccf4091a44f_18 1994දී රුවන්ඩාවේ සිදුවූ සමූල ඝාතන සිදුවීම් වලදී එරට එවකට කතෝලික පල්ලිය ක්‍රියා කල ආකාරය පිලිබදව සමාව අයදීමට රුවන්ඩාවේ කතෝලික පල්ලිය පසුගිය ඉරිදා කටයුතු කර තිබෙනවා. එරට ජීවත් වන හුටු නම් වූ ජන කොට්ටාසයේ දැඩි මතධාරීන් විසින් ටුට්සි  ගෝත්‍රිකයන්  හා මධ්‍ය මතධාරී හුටු ජාතකයන් 800000ක් පමණ මේ ජන සංහාරයේදී ඝාතනය කරනු ලැබුවා. එ්  සංහාර සමය තුළදී මෙම ඝාතනයන්ට පක්ෂපාතී වූ  කතෝලික පියතුන්ලා ම සම්බන්දයෙන් මේ  ආකාරයෙන් සමාව ගැනීමට එරට කතෝලික පියවරුන් ක්‍රියා කර තිබේ.

”එවකට පැවැති කතෝලික පල්ලිය විසින් සිදුකරනු ලැබූ සියළුම වැරදි වලට අප සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේම එම වකවානුව තුල කතෝලිකයන් විසින් කරන ලද සියළුම වැරදි සදහා දැන් සිටින සියළුම කතෝලික ජනතාව නියෝජනය කරමින් අප නැවතත්ත සමාව ඉල්ලා සිටිනවා. දෙවිදුන් විසින් අපට ලබාදුන් පණත් එවකට අපගේ කතෝලිකයන් අතින් කඩවී ඇති බව අප පිලිගන්නවා.”  ලෙස ඉදිරිපත් කරන ලද රුවන්ඩාවේ රදගුරුතුමන් විසින් නිකුත් කරන ලද නිවේදනය එරට සියළුම කතෝලික දේවස්ථාන තුලදී පසුගිය ඉරිදා දින කියවාමින් මෙලෙස සමස්ථ රුවන්ඩා ජනතාවගෙන් සමාව ගැනීමට කටයුතු කර තිබුණා.

චින්තිකා මිතිලායා
www.aljazeera.com ඇසුරිණි.