රුවන් විජේවර්ධනගෙන් ජනාධිපතිට ලිපියක්

0
1073

ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පැවති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව එම අමාත්‍යංශයෙන් ඉවත් කර ජනාධිපතිවරයා යටතේ තිබෙන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (09) තීරණය කලේය.

එම තීරණය සම්බන්දයෙන් සිය කණගාටුව පල  කරන කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඒ බව සදහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවා ඇත. එහි සදහන් වන්නේ මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අතිශය බැරෑරුම් තත්ත්වයක් පැවති යුද්ධ කාලයේදී පවා ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කර නොතිබූ බවයි. එමෙන්ම මෙම තත්වය රටේ මාධ්‍ය නිදහසට එල්ල වූ තර්ජනයක් ලෙස සැලකීමට හා අර්ථ දැක්වීමට හැකියාව පවතින බවත් විජේවර්ධන මහතා එම ලිපියෙන් සදහන් කර ඇත.

image_c49e84fc89

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here