රු.කෝටියක කුඩුත් එක්ක සංචාරක රියදුරෙක් මීගමුවේදි අත්අඩංගුවට !

0
98

කුඩු 3

මීගමුව කොට්ඨාස දූෂණ මර්දන ඒකකය සිදුක කළ වැටලීමකදි  රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් එකසිය හැටක් සමග මීගමුව කුරණදී සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරකයන් ප්‍රවාහනය කරන රියැදුරු ලෙස කටයුතු කරන සැකකරු හෙරොයින් ප්‍රවාහනය කිරීමට යොදාගත් වෑන් රථයද පොලිස් භාරයට ගෙන ඇත.මෙම සැකකරුගේ අනියම් බිරිඳ සහ ඇයගේ මිතුරියක හෙරොයින් ග්‍රෑම් 15ක් සමග අත්අඩංගුවට ගෙන විමර්ශන කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

මෙම සැකකරු ඊයේ (28 වැනිදා) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබී තිබේ.කුඩු 4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here