රු කෝටි ගණනින් විකිණෙන්න බලන් හිටපු ශ්‍රිලනිප මන්ත්‍රිලාට ජනපති වැටබඳියි !

0
228

Faris MP(7.15 pm ) ජනපති මෛත්‍රිපාල සිරිසේන අද සිය ආසන සංවිධායකයන් කැදවා තිබුණේ විශේෂ හමුවකටය.
එහිදි පළාත් පාලන ආයතන ජයගත් අපෙක්ෂකයන්ට ඉතා වැදගත් කරුණු රැසක් දැනුම් දි තිබුණි.
ඉන් ප්‍රධානතම කරුණ වුයේ මේ වන විට විශේෂයෙන්ම රටේ අන් කිසිදු නගරයකටත් වඩා මීගමුවට අති විශේෂ වු කරුණකි.
එනම් වෙනත් කණ්ඩායම් හා එක්ව පුංචි ආණ්ඩු පිහිටුවිම සදහා රු ලක්ෂ 50 කටත් වඩා වැඩියෙන් විකිණෙන්නට බලා සිටින අය ගැන ජනාධිපතිවරයා කරන්නට යෙදුන විශේෂ ප්‍රකාශයයි .
එනම් ඒ ආකාර කිසිදු දුෂිත ක්‍රියාවකට කිසිවෙකුටත් සම්න්ධවිමට ඉඩනොදෙන බවත් එසේ කළහොත් ඒ අයගේ මන්ත්‍රිධුරය අහෝසි කරන ජනාධිපතිවරයා එහිදි අවධාරණය කර සිටියේය.
මේ ප්‍රකාශය නිසා මීගමුවේදි රු කෝටි ගණනින් විකිණිමට සිහින මවමින් සිටි ඇතැමෙකු පමණක් නොව ඒ අයව මිලට ගෙන පරණ ජවාරම් යළි මිගමුව තුල දිගටම කරගෙන යන්නට බලා සිටින කොටස්ද මේ අනුව දැන් අර්බුදයකට ගොස් ඇත.