ආර්ථික කටයුතු අමාත්‍යංශයේ දෙන්නම් කාසි ව්‍යාපෘතියක් වු මේ සදහා ඇමති ලංසා වගකිම් දරු පළාත් බල ප්‍රවාහන අධිකාරිය විසින් එහි මුලික මුදල් යොදවා තිබුණි.
මීගමුව නගර මධ්‍යයේ පිහිටි කැල්ටන් හෝටලය පිටුපස ඇති හිස් ඉඩම හදුවන්වනු ලබන්නේ තැබැරම්වත්ත ලෙසිනි.
මුලින්ම තට්ටු දෙකකට යැයි කියමින් ඇරඹි මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් අතිදැවැන්ත මුදලක් යටකරමින් අත්තිවාරම් දැමු පසු යළිත් නිමල් ලංසා උපදෙස් දි තිබුනේ එය තනි තට්ටුවට සාදන ලෙසය.
මෙහි තාක්ෂණික උපදෙස් භාරව සිට ඇත්තේ DCL නම් වු සමාගමක් හටය.එමෙන්ම කොන්ත්‍රාත්කරුවන් පවසා සිටින්නේ ඔවුන් වෙතද ලක්ෂ 50 කට ආසන්න මුදලක් තවමත් අයවිය යුතුව ඇති බවය.
කෙසේ වෙතත් කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු මගින් සිදුකරන ලද මේ ඉදිකිරිම් දැන වල් වැදි යමින්තිබේ.
එපමණක්ද නොව නගර මධ්‍යයේ දුරාචාරය පතුරුවන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවටද පත්ව ඇත්තේය.රාත්‍රි කාලයේදි මෙය එහෙම පිටින්ම සල්ලාලයන්ගේ රජදහනක් බවට පත්ව තිබේ.