රු.බිලියන 900ක කොකෝන් තොගයක් කටුනායකදී විනාශ කිරීමට පියවර

0
84

Drugs-Destroyed-

එළඹෙන ජනවාරි මස 15 වැනි සදුදා දිනයේදී පොලිස් මත්ද්‍රව්‍යය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 900ක ප්‍රමාණයක් කටුනායකදී විනාශ කිරීමට නියමිත බව වාර්ථා වනවා. නීතිය හා සාමය දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසා ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය ජනතාව ඉදිරියේ විනාශ කිරීමට අවශ්‍යකරන නීතිමය වටපිටාව සැකසීමට කටයුතු කරන බවයි.

එලෙසම පසුගිය වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 27 වනදා දක්වා කාලය තුල රුපියල් බිලියන 37.55ක මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය,පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය,සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ අංශය සමත්වී ඇති බවත් අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා.