රු මිලියන 25 ක් වෙන්වූ  පිහිණුම් තටාකය වසර 7ක් යනතුරුත් නිමවී නැහැ

0
48

රුපියල් මිලියන 25 ක ඇස්තමේන්තුගත විදමකින් 2008 වසරේදි  වෙන්නප්පුව ප්‍රා.සභාව විසින් සෑදීමට ආරම්භ කළ පිහිණුම් තටාකයක් මේ වනවිට අතරමග නැවතී ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබූණී.
වෙන්න්පුවේ පිහිටි  ඇල්බට් ඇෆ් ක්‍රීඩාංගනය ආසන්නයේම  තනා ඇති මෙම පිහිනුම් තටාකය නිසි ප්‍රමිතියකින් නිමාවී නොමැති බවද එහි දෝෂ සහිත බවද ක්‍රීඩා ක්ෂේත්‍රයේ විද්වතුන් පවසන බවද වාර්තා කර තිබුණි.
වෙන්නප්පුව ප්‍රාදේශී්‍ය සභාපතිවරයා විසින් මේ සම්බන්ධයෙන් පවසා තිබුණේ  මේ වසරේ අප්‍රියෙල් මාසය වනවිට මෙම පිහිණුම් තටාකයේ වැඩ අවසන් කරන බවයි.
වෙන්නප්පුව ප්‍රාදේශී්‍ය සභාපතිවරයා නැවැත්වූ වැඩ කිසිවක් අවසන් කර නොමැති බවට ඇති ප්‍රධාන හා සරල උදාහරණය ප්‍රාදේශීය සභාව අසල කොළඹ දෙසට තිබූ බස්නැවතුම්පළයි. පීසා හට් එකේ හිමිකරුට අවශ්‍ය ලෙස ඉඩ ලබාදීමට එක රැයින් ඉවත්කළ බස්නැවතුම්පළ සාදා දිමට ඔහුට තවමත් තැනක් ලැබී නැත.
වෙන්නප්පුව වැවේ සිදුකළ අනවසර ඉදිකිරීමට අත යටින් උදව් කළ සභාපතිවරයා තවමත් සිදුවූ වැරැද්ද නිවරදි කර නැත. මෙම අනවසර ඉදිකිරිම ඉවත්කරන ලෙස වගකිවයුතු ආයතන වලින් ඔහුට ලැබුණ නියෝග තවමත් ඔහුගේ ෆයිල් එකේ ඇත. මේ වන විට ඒ වෙනුවෙන් ගොවිජන කොමසාරිස්වරිය නඩුමගට බැස ඇත්තේ ප්‍රා.සභාපතිවරයා තමන්ගේ යුතුකම ඉටුනොකළ නිසාවෙනි.
වර්තමාන ජනාධිපතිවරයාගේ කාලයේදී තොරතුරු දැනගැනීමේ අයිතිය ඉතා ඉක්මණින් ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවක් ජනතාවට ලබාදුන්නේය. එසේ වූ විට පිහිණුම් තටාකය වැනි දේවල් සෑදීම අවුරුදු 7 ක් දක්වා ප්‍රමාද වන්නේ නැත. එසේ වේ නම් එම මුදල් වලට කුමක් සිදුවීදැයි ජනතාවට දැනගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. 10915257_860845713958163_1168418342993034481_n
ඡායාරෑපය  – චන්දන ප්‍රනාන්දු