රු 25000 ක දඩය අඩුකරන්න කියල නීති කඩපු 18 ක් දෙසැ 9 දක්වා ඇතුලට ?

0
171

චණ්ඩි 53තමන්ට පැනවු නීතියට ප්‍රතිචාර දැක්විම සදහා නීති රැසක් කඩන්න මුල් වුවායැයි කියන ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් 18 දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇත.
එදා වේල හොයාගැනිමේ අරගලයක නිරතව සිටි ඔවුන් දැන් කබලෙන් ලිපටය.
බස්නැවතුම ඉදිරිපිට සාමකාමි විරෝධයක් පැවැත්විම සදහා මීගමුව නගරයේ විවිධ පැතිවලින් පැමිණි ත්‍රිරෝද රථ රියදුරන්ව මහපාරත් දුම්රිය මාර්ගයත් හරස් කොට මහත් අර්බුදයක් නිර්මාණය කිරිමට පියවර ගත්තෝ කව්රුන්දැයි දැන් සැමට ගැටළුවකි.මහපාරක විරෝධතාවයක් කිසිදා පවත්වානැති අතිබහුතරයක් දෙනාව සිවිල් නීති කැඩිමට උසිගන්වනු ලැබුවේ කව්රුන් විසින්ද ?