( 2.45 pm ) පිටරටවලින් ලංකාවේ රජයට ලැබෙන ආධාර නිසි ලෙසින් විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ ලබාදිමට නොහැකිවිමෙන් කියැවෙන්නේ මේ රජය කොයිතරම් කම් අසාර්ථකයැයි කියා නොවේද ?
ගමතුලටම ගිය විධිමත් රාජ්‍ය ව්‍යුහයක් තිබියදි යළිත් ඒවාට ගමේ කපටි දේශපාලකයන්ද ඇදා ගැනිමට බලලෝභි දේශාපාලන රාජ්‍ය නායකයන් විසින් තින්දු කිරිමටත් සමගින් මෙය සම්පුර්ණයෙන්ම දේශපාලන සංදර්ශණයක් බවට පත්විය.
මේ නිසාම මිගමුවේදි මුදල් ලබාගැනිමට පෝලිමේ සිටින ජනයාටද යළිත් අයදුම්පතක් ලබා දෙන පොහොට්ටු ආධාරකරුවන් කියා සිට ඇත්තේ මුදල් ලැබෙන්නේ අපේ අයදුම්පත පිරුව්වොත් පමණක් යැයි කියාය.
ඒ අමන වැඩවලට ඇතැම් දේශපාලන හෙංචයියන් බවට පත්ව ඇති බිම් මට්ටමේ රාජ්‍ය නිළධාරින්ද හවුල් බව දැන් හෙළිවේ තිබේ.
මේ නිසාම මිගමුවේ ප්‍රාදේශිය ලේකම් තුමිය විසින් මේ සියලු ග්‍රාම සේවා කොට්ටාශවලදි මුදල් ලබාදුන් අයගේ නාමලේඛනයක් ප්‍රදර්ශණය කිරිම අනිවාර්යෙන්ම සිදුකළ යුතුව තිබේ.
මේ සදහා ප්‍රාදේශිය ලේකම්වරිය අපොහොසත් වන්නේ නම් පුරවැසියන්ට තොරතුරු දැනගැනිමේ අයිතිය යටතේ එය ඉල්ලා සිටිමට හැකිවනු ඇත.
එවිට සැබැවින්ම දේශපාලකයන්ට යටවි නුසුදුස්සන්ට මුදල් අනුමත කළ රාජ්‍ය නිලධාරින් සිටින්නේ කොයි ග්‍රාම නිළධාරි කොට්ටාශවලදැයි අප කොන්දේසි විරහිතව හෙළිදරව් කිරිමට සුදානමින් සිටින්නෙමු.