මම මුලින්ම ඔහුගෙන් නම , ගම විස්තර ඇහුව. ඔහු බුලත් කහට රැඳුනු මුව පුරා සිනාසී පිළිතුරු දුන්නෙ මෙහෙමයි.
මම වන්නිපුර රූපරත්න. ඇඩ්‍රස්එක , ඇල්ලවත්ත, තොටිදූව , ඇත්කඳුර. වයස අවුරුදු 56 යයි. මගෙ බිරිඳ චන්ද්‍රලතා ජයසේකර . දරුවො තුන්දෙනයි. ඒ ගොල්ල දැන් බැඳල.
අම්ම, තාත්ත එහෙම….
අපේ තාත්ත කුරුඳු තැලීම තමයි රස්සාව විදිහට කළේ. මමත් ඒ කාලෙ කුරුඳු තැලුව. මට ඒ රස්සාව එපාවෙලයි හිටියෙ. ඒක වැඩක් නෑ. හරි ගෙවීමක් නෑ. ඒ නිසා මම ඒ රස්සාව අත්හැරිය. තාත්ත නැතිවෙල. අම්ම විතරයි ඉන්නෙ. එයාට දැන් වයසයි.
මේ රස්සාව ගැන කිව්වොත්…..
අවුරුදු 40ක් තිස්සෙ මේක තමයි රස්සාව විදිහට කරන්නෙ. මීගමුව විතරක් නෙවෙයි කැලණිය, කිරිබත්ගොඩ, කොටහේන, මට්ටක්කුලිය, ඇලකන්ද යන ප්‍රෙද්ශවල බඩු විකුණන්න යනවා. මේ බඩු ගන්නෙ කොම්පැණියකින්. දවසකට 3000 ක් වගේ ආදායමක් ලැබෙනවා. එහෙම නැති දවසුත් තියෙනවා. බඩු ස්ටෝක් එකක් තියෙනවා. දවසට හැතැප්ම 20කට වැඩිය ඇවිදිනවා. අපි නැවතිල ඉන්නෙ ඇලකන්දෙ. හවස් වෙද්දි මම ඇල කන්දට යනවා.
දරුවො උදව් කරනවද?
ඒ අයට අපිට උදව් කරන්න විදිහක් නෑ. ඒ ගොල්ලන්ගෙ පවුල් ජීවිතේ ගෙවාගන්නෙත් අමාරුවෙන්. ණය වෙල, ගෙවල් හදල, ඒ ණය ගෙවන්න සිද්ධවෙල. ඉතින් කොහොමද අපිට උදව් කරන්නෙ.
ඉතින් සතුටින්ද ජීවිතේ ගෙවෙන්නෙ?
මොන ප්‍රශ්ණෙ ආවත් , සතුටින් තමයි ඉන්නෙ. දවස තිස්සෙම ඇවිදින නිසා ලෙඩත් අඩුයි. පයින් යන ගමන දැන හුරුයි. යන තැනදි රෑ වුනොත් කරත්තෙ කෙහේ හරි තැනක දාල ගෙදර යනව. කරත්තෙ තියෙනව ගබඩා කාමරයක් වගේ එකක්. ඒ කට බඩුදාල ලොක් කරහම කාටවත් ගන්න බෑ. ඒ නිසා ආරක්ෂාව ගැන ප්‍රශ්ණයක් නෑ. ඕක තමයි අපේ ජීවිතේ.
ගම්වල මිනිස්සු වැඩියෙන් මේ කොහු ඉදල් ගන්න නිසා අතුරු පාරවල් වලත් යන රූපරත්න මිනිස් සම්බන්ධතාවලට දැඩි කැමැත්තක් දක්වන කෙනෙක්. නගරයෙන් නගරයට කරත්තය තල්ලුකරගෙන යන ඔහු ඉතාම සතුටින් මෙම රස්සාව කරයි. ඔහු කියන්නෙ හැන්දෑවට වැඩ අවසන් කරල ටිකක් බීල සිංදුවක් කියමින් යන මේ ගමනට තමන් කැමති බවයි