රෙජීමය මර්ධනය මුදාහරීයි ! සජිත් තවමත් තනතුරු වලට පොරකයි ?

0
70

Sajith champikaජනාධිපති පත්ව යන්තම් මසක් පිරුණා පමණි.දැවැන්ත මර්ධනයක් දියත් කෙරෙන ලකුණු  දැනටමත් පහල වි හමාරය.
නඩුකටයුතු නිමකොට  තිබුණ රිය අනතුරක් පිලිබද ප්‍රශ්ණයක් එලියට ඇද මේ වන විට හිටපු ඇමතිවරයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
මේ මර්ධනයට මුහුණ දිමට  ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පළල්ම පෙරමුණ ගොඩනැගිම කල්නොයවා කළ යුතුව තිබියදි   සජිත් ප්‍රේමදාස අද දිනයේත් විකාශනය වු ප්‍රවෘත්ති වලදි කියා තිබුනේ  තමන්ට ඒ එකක්වත් එපා කියාය.
එවන් බලතන්හාවක් ඇති අයෙකුට කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පළල්ම පෙරමුණ මේ රට තුල කිසිදිනක ගොඩනැගිමට හැකිනොවන බව නම් ඉතා පැහැදිලිය.
රාජපක්ෂ රෙජිමයට එරෙහිව ගොඩනැගුණ පළල්ම පෙරමුණ 2009 දි එළිදකිද්දි සජිත් සිටියේ සිය දේශපාලනය හම්බන්තොට ගානට කපාගෙනය.එබැවින් ඔහු කිසිදිනක රාජපක්ෂ රෙජිමයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙරමුණ ගත්තේ නැත.Ranil
අද ප්‍රවෘත්තිවලදි අපට ඇසෙන්නේ ඔහුගේ දේශපාලනය තනතුරු වල ප්‍රමාණයට කපාගන්නට වලිකමින් සිටින අයුරුය.
එය ඇසෙන විට සැබැවින්ම ඇතිවන්නේ ලැජ්ජාවකි.
එහෙත් අද එය යථාවකි.
මෙය මගහැර යා නොහැකිව ඇත්තේ සජිත්ගේ බල තන්හාව සිලි බෑග් එකක් ලෙසින් දිනපතා කකුලේ පැටලෙන්නට පටන් ගෙන තිබිම නිසාය.
මේ භායනක ව්‍යාධිය මහහැර යමින් මර්ධනයට එරෙහිව පළල්ම පෙරමුණ හදන්නට දිනක් හෝ පමාවෙන්නේ නම් එහි ගොදුරු බවට හෙට දිනයේ පත්වන්නන්ගේ ගණන පමණක් ඉහල යනු ඇත.