අද පෙරවරු 11 . 30ට පමණ මීගමුව කච්චේරිය අසල ලුණුකඩ හංදියේ රේල් ගේට්ටුව හදිසි ත්රිවිල් රියදුරෙකු විසින් අද (3) කඩාදමා ඇත. මෙය සිදුවී ඇත්තේ විදුලි සංඥා දැල්වෙමින් තිබියදී , දුම්රියට ගමන් කිරීම උදෙසා රේල් ගේට්ටුව වසා තිබියදීය. තිවිල් රියදුරා වැරදි පැත්තෙන් තම ත්රිවීලය ධාවනය කර ඇති අතර මුළුමනින්ම රේල් ගේට්ටුව කැඩී බිමට වැටී ඇත. මෙය සිදුවී ඇත්තේ පෙරවරු 11.30ට පමණ වන අතර ඊට පැයකට පමණ පෙර යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකුද මෙම ස්ථානයේ දීම ඇද වැටුනුබව මෙහි ගේට්ටු මුරකරු විසින් පවසන ලදී. එසේම මේ වනවිට මෙම ස්ථානයේ අනතුරු ගනනාවක් සිදුවී ඇති බවත් , බලධාරීන්ට මෙම ස්ථානය හැදීමට කිසිම වුවමනාවක් නැතිබවත් අවට සිටින අය පවසයි.