රොටි කඩේකට දයාන් -ජයවීර ගැටෙති.

0
82

මීගමුව නාගරික සාප්පු සංකිර්ණයේ පවත්වාගෙන යනු ලබන රොටි කඩයකි. එහි අයිතිකරු විසින් මීගමුව මහනගර සභාවේ ප්‍රබල මන්ත්‍රිවරයෙක් වු දයාන් ලංසාගෙන් විමසා ඇත්තේ තමන්ගේ රොටි කඩය ටිකක් ලොකු කරගන්නට ඉඩ දෙනවාදැයි කියාය.
නගර සභාව තමන්ගේ බුදලයක් නිතර සිතන දායන් ලංසා මන්ත්‍රිවරයා එකි මුදලාලිට ඒ සදහා අවසර  දි තිබුණි.
නගර සභාවේ නිති දායන් ලංසා පවුලට නිනව් නැත.
මේ කරුණ නිසා බරපතල අර්බුදයකට මුහුණ දුන් ඇන්ටනි ජයවීර නගරාධිපතිවරයා අදාල රොටි කඩ හිමියාට පවසා තිබුනේ වහාම අලුතින් එක්කර ඇති කඩ කෑල්ල ඉවත් කරගන්නා ලෙසය.එහෙත් ඔහු එයට ප්‍රතිචාර ලෙසින් පවසා ඇත්තේ දායන් ලංසා මන්ත්‍රිවරයාගේ අවසර ඇතිව තමන් මේ ඉදිකිරිම කළ බවය.
මේ කථාවට නගරයේ ප්‍රධාන පුරවැසියාට මළ පැන්නේය. තනතුරද අමතක විය.මුදලාලිට බැන්නේ තමන් ඇන්ටනි ජයවිර යැයි සිතාය.
මීගමුව නගරයේ සියල්ල දැන් අණ්ඩබජල්ය.
මේ එන්නේ කසකරුවන් පමණි. පෙරහැර පැමිණෙන්ෙන් ඉන් පසුවය.
2013 යනු ගැටුම් උත්කර්ෂයට පැමිණෙන වසරයි.
මීපුර අවදියෙන්.