රොයිස් ඇතුලේ ඉන්නවට වැඩියෙන්ම කැමති දෙන්නා කව්ද ?

0
112

rois -newකප්පම් ඉල්ලිමේ සිදුවිමක් හා බැදුන ගිණි අවි කථාවක් පිළිබදව සැක පිට අත්අඩංගුවට ගැණුන මිගමුව හිටුප එජාප සංවිධායක රොයිස් විජිතට අදාල නඩුවේදි කටාන පෙලිසිය විසින් පසුගිය 16 වෙනිදා ගිනි අවි පිළිබදව චෝදනාව ඉවත් කොට ගෙන තිබුණි.
එහෙත් අධිකරණය විසින් තවදුරටත් රොයිස් විජිත හට ඇප දිම ප්‍රතික්ෂේප කරමින් පසුගිය 14 වෙනිදා පැවැති නඩුවිභාගයේදි තවත් දින 14 කට රොයිස් විජිතව ඇතුලට දමා ඇත.
මේ මැතිවරණ සමයේදිත් මිගමුවේ වැඩිම ජනතාව අවධානයක් දිනාපත් දේශපාලකයා වි තිබුනේ රොයිස් විජිතය.
ඔහුගේ ආධාරකරුවන් මිගමුවේ වත්මන් පැරිෂුට් ආසන සංවිධාකයා වු වෛද්‍ය කාවින්ද ජයවර්ධනට එළිපිටම අභියෝග කරමින් මේ පිළිබද අවස්ථාව ගණනාවකදි කරුණු දක්වා තිබුණි.
මිගමුවේ බහුතරයක් එජාප ක්‍රියාකාරින් පසුගිය 14 වෙනිදා දෑස් අයා සිටියේ සිය ජනප්‍රියතම නායකයා ඡන්දයට දින 2 ක් තිබියදි හෝ ඔවුන් හා එක්වෙතැයි සිතාය,
මුළු මිගමුවේම එජාප ක්‍රියාකාරින් මෙන්ම සමාජිකයන්ද ඒ ගැන තැවුණද මිගමුවේ මේ ගැන අතිශයින් සතුටු වන දෙදෙනකු සිටි.
එනම් කාවින්ද ජයවර්ධන හා නිම්ල ලංසාය.
මේ දෙදෙනාටම සිරගතව සිටියද රොයිස් විජිත යනු මැතිවරණ සමයකදි සෑබෑ අභියෝගයකි.ඒ මන්දයත් මැතිවරණයටය පෙර රොයිස් විජිත සජිත්ගේ ජයග්‍රහණය සදහා එක්වුයේ නම් කාවින්දගේ අසාර්ථක බව දුර්වල නායකත්වය තවත් මොනවට පැහැදිලිව ප්‍රදර්ශණය වනු ඇත.
එබැවින් මැතිවරණය පසුවන තෙක් රොයිස් ඇතුලේ සිටිම ගැන කාවින්දට ඇත්තේ මහත් අස්වැසිල්ලකි.
මිගමුවේ අශුද්ධ සන්ධානය වන කාවින්ද ලංසා හවුලද මේ අනුව මේ ගැන දැඩිලෙසින්ම සතුටු වනු ඇත.
ලංසා පවුලේ කප්පම් වංචා දුෂණ ගැන කාවින්ද පසුගිය කාලය තුල පැවැති කිසිදු රැස්විමකදි මීක් කිවේ නැත. අඩුම තරමින් මිගමුවේ පැවැති අවසන් රැස්විමේදි ලංසා පවුල ගැන හෝ නගර සභාවේ වංචා දුෂණ ගැන කිසිදු සදහන් කළේද නැත.
එහෙත් රොයිස් විජිත එළියේ සිටියේ නම් මේ සියළු දුෂණ ගැන සැර කථා මුලු මිගමුවේදි කියනු ඇත.ඉතින් කාවින්ද මෙන්ම ලංසා සිටින්නේද සතුටිනි.