රොයිස් ප්‍රනාන්දුගේ බිරිඳ දේශපාලනයට…??

0
77

Reka Kumari Fernando-2මීගමුවේ මතුව ඇති දේශපාලන අර්බුදය හමුවේ ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ජා කිරිම සදහා  එජාප ගම්පහ දිස්ත්‍රික් සංවිධායක  රංජන් රාමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද( 2014 මාර්තු 02) සවස 4 ට මීගමුවේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදි පැවැත්විණි.
මේ සදහා මීගමුවේ දේශපාලන ක්‍රියාධරයන් රැසක් පැමිණ සිටි අතර මෙහි විශේෂත්වය වුයේ මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතාගේ බිරිඳ  වන රේඛා කුමාරි මහත්මියද මේ විශේෂ  රැස්විමට පැමිණ සිටිමයි.
ජුවෙල් ලංකා මංකෝල්ලයට සැක පිට යැයි කියමින්  2014 පෙබරවාරි 24 වනදා අත්අඩංගුවට ගෙන  දැනට රැදවුම් නියෝග මත රදවා තබාගෙන සිටින රොයිස් විජිත මහතාගේ බිරිද මෙම සිදුවිමෙන් පසු ප්‍රසිද්ධ දේශපාලන සාකච්ජාවකට සම්බන්ධ වු පළමු අවස්ථාව මෙයයි.