රොයිස් විජිතට ජුලි 21 වෙනිදා මොකද වෙන්නේ ?

0
85

ජුවෙල් ලංකා මංකොල්ලයට සැක පිට යැයි කියමින් 2014 පෙබරවාරි 22 වනදා අත්අඩංගුවට ගැණුන එජාප මීගමුව ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා තෙමසක් ත්‍රස්තවාදය වැලැක්විම පණත යටතේ පෑලියගොඩ පොලිසියේ රදවා තබාගෙන සිටියේය.
අවම වශයනේ සිය පළාත් සභා මංගල රැස්විමට වත් රැදෙන්න ඉඩක් නොදුන් පොලිසිය සිය බිරිඳට හෝ අධාරකරුවන්ට මල්මාලාවක් දැමිමට හෝ ඉඩ දුන්නේ නැත.
තෙමස ගෙවිණි
.ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ තවදුරටත් රදවා තබාගැනිමට තරම් සාක්ෂි ඉදිරිපත් කිරිමට පොලිසිය අසමත් වුයෙන් තවත් කථාවක් ගොතන්නට විය.
එනම් අවිආයුධ පණත යටතේ නඩුව ඉදිරියට ගෙන යාමය.
ආයුධයක් අත තිබුනේ  යැයි කියන්නට කිසිදු සාක්ෂියක් නොමැතිව හෝ මෙසේ එය ගොනු කරන්නට ඇත්තේ මහාධිකරණය වෙත නඩුව මාරුකර යවමින් ඇප ගැනිමට ඇති ඉඩ ප්‍රස්ථා තවත් කල් දැමිමට වියයුතුය.
එමෙන්ම වෙනත් කිසිදු දේශපාලකයෙකුට ක්‍රියාත්මක නොකළ වියදම් ලයිස්තුවක්ද රොයිස් විජිතට අදාලව ක්‍රියාත්මක විය.
ඒ පළාත් සභාවට යැම සදහා යන බන්ධනාගාර සියළු වියදම් ඔහුගෙන් අයකර ගැනිමය.
දැන් පොලිසිය කියන්නේ දුරකථන අංක කිපයක් පිළිබදව කථාවකි.
මීළඟ නඩු වාරය  ජුලි මස 21 වනදාට යෙදි ඇත.
පොලිසිය කියන්නේ රටින් පැන ගොස් ඇති ඇපල් රුවන් හා රොයිස් විජිත අතර සිදුව ඇතැයි කියන දුරකථන ඇමතුම් පිලිබදව කථාවකි.
කෙසේ වෙතත් මෙය ඔප්පු කරගැනිමට පොලිසියට නොහැකි වනු ඇතැයි විශ්වාස කරන රොයිස් විජිතගේ සමිපතම මන්ත්‍රිවරුන් පවසා සිටින්නේ ජුලි 21 වනදාට බොහෝ දුරට සිය ආසන සංවිධායකයාට ඇප ලැබෙන්නට ඇති ඉඩ වැඩි බවය.roies 1