රොයිස් විජිත අද මීගමුව මහේස්ත්‍රාත් හමුවට..??

0
45

මේ මස 17 වනදා දවල් 1.30 පමණ මීගමුවේ ජුවෙල් ලංකා ආයතයට කඩාවැදී මංකොල්ලයේ යෙදුන හොර කල්ලියේ යැයි සැක පිට දෙදෙනෙකු පසුගිය 20 වනදා අත්අඩංගුවට ගැණිනු.
මේ අය අතර මීගමුවේ දෙහිමල්වත්තේ පදිංචි ඇපල් රුවන් නැමැත්තාද වේ.
ඔහු එජාප බස්නාහිර පළාත් සභා අපේක්ෂක සහ මීගමුව එජාප සංවිධායක රොයිස් විජිතගේ හිතවතෙකු යැයි පැවසෙන අතර ඒ අනුව ඊයේ උදේ 8 ට පමණ රොයිස් විජිත මහතාව අත්අඩංගුවට ගෙන කෙළින්ම ගෙන ගොස් තිබුනේ කොළඹටය
ඊයේ මාධ්‍ය වෙත මෙමඅත්අඩංගුවට ගැනිම ගැන සදහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසා සිටියේ රැදවුම් නියෝග මත දැනට රොයිස් විජිතගෙන් ප්‍රශ්ණ කරගෙන යන බවත් ඔහු සතුව තිබු රු එක්ලක්ෂ අසුපන්දාහක් සොයාගත බවත් දැනුම් දි දෙන ලදි.
මාධ්‍ය ප්‍රකාශකගේ දැනුම් දිම අනුව අද මීගමුවේ මහෙස්ත්‍රාත්තුමා හමුවට රොයිස් විජිත මහතා ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බැවින් මාධ්‍යවේදින් ඒ මොහොත වාර්ථා කිරිම සදහා එ අවට රැදි සිටින බව මීපුරට වාර්ථා වේ.
මීගමුවෙ ආණ්ඩු පක්ෂයෙන් ඡන්දයට ඉදිරිපත්ව සිටින හිටපු පළාත් සභා ඇමති නිමල් ලංසාට මීගමුව තුල ප්‍රබලම අභියෝගය දැනටමත් එල්ලකරමින් සිටින රොයිස් විජිත සහ වෛද්‍ය හෙන්රි රොසයිරෝගේ ප්‍රබල ජන්ද ප්‍රචාරක වැඩසටහන අතරමග කඩාකප්පල් කිරිමේ සැලැස්මක් මෙම අත්අඩංගුවට ගැනිම් තුල තිබෙන බව මීගමුවේ බහුතරයක් එජාප පාක්ෂිකයන්ගේ මතය ලෙස ප්‍රකාශ වෙමින් තිබේ.
ඇතැමෙක් මෙය ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙතද පවසා තිබුණි.
නම සදහන් නොකළ එජාප ක්‍රියාකාරිකයෙකු මීපුරට පවසා සිටියේ…” හරි අපි කියමුකෝ රොයිස් කෙරුවම කියල..එතකොට දැන් ආණඩුවෙන් ජන්දෙට ඉදිරිපත් වෙලා කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි විසිකරන්නේ කාගෙ සල්ලිද??
අප්පගේ බුදලේද???නෑ….ජනතාවගේ සල්ලි..නැද්ද ?? බොරුද ? අනේ යන්ඩ මහත්තයෝ ඔයාල මේව දාන්නේ නෑ අපි ඔනෙ නම් දෙන්නම් තව විස්තර ….”