රොයිස් ව සිරගත කිරිම කුමන්ත්‍රණයක් ? කටාන පොලිසිය අධිකරණයත් නොමග යවලා ?

0
188

roies 8කෝටිපති ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ ගණනක මුදල් හා දේපළ බලහත්කාරයෙන් පැහැර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටින හයදෙනකු දෙසැම්බර් 12 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහෙස්ත්‍රාත්වරිය ටී.එන්.එල්. මහවත්ත පසුගිය 28 වැනිදා නියෝග කළාය.

මෙලෙස නැවත රක්ෂිත බන්ධනාගාර ගතවූයේ මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මීගමුව හිටපු ආසන සංවිධායක රොයිස් විජිත ප්‍රනාන්දු ඇතුළු හයදෙනෙකි.

මෙම සිද්ධිය පැමිණිලි කර ඇත්තේ කටාන ආනන්ද පුරයේ පදිංචි සුරාජ් නිශාන්ත ප්‍රනාන්දු නමැති ව්‍යාපාරිකයෙකි.

මගේ සේවාදායක වන සැකකාර රොයිස් විජිත ප්‍රනාන්දුට එරෙහිව කටාන පොලිසිය ගිනි ආඥාපනත යටතේ චෝදනා ගොනුකර තිබෙනවා. මෙම සැකකරුවන් දැනට මාස අටක සිට රක්ෂිත බන්ධනාගාරගතව,සිටින නමුත් කටාන පොලිසියට ගිනි අවියක් සොයා ගැනීමට හැකියාවක් ලැබී නැහැ. කටාන පොලිසිය ඔබතුමිය නොමග යවා තිබෙනවා, යැයි රොයිස් විජිත ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ චන්ද්‍රනාත් වීරසූරිය පැවසු බව අරුණ පුවත් පත විසින් වාර්ථා කොට තිබේ.

සැබැවින්ම මාස 8 ක් යනු සැලකිය යුතු කාලයකි. මේ කාලය තුල කටාන පොලිසිය විසින් චෝදනා ගොනු කිරිමේදි සදහන් කර ඇති ගිණි අවියක් අඩුම තරමින් සොයාගැනිමටවත් මේ වන විට නොහැකි තිබේ. එපමණක් නොව පසුගිය නඩුවාරයකට ඉදිරිපත් වෙමින් කටාන පොලිසිය කියා තිබුනේ රොයිස් විජිතට චෝදනා ගොනු කොට ඇතැයි කියන ගිණි අවි පණත පිළිබද කරුණ ඉවත් කරගන්නා බවය.
මේ වන විට රොයිස් විජිතට එරෙහිව ගිණි අවියක් ගැන චෝදනාවක් නැත. ඒ පොලිසිය නිළ වශයෙන්ම එය ඉවත්කරගත් බැවිනි.
කෙසේ වෙතත් මිලග නඩුවාරය දෙසැම්බර් 12 වෙනි දිනට යෙදි ඇත.
මෙම නඩුව පිළිබද දේශපාලන සමාජය තුල පුළුල් කථා බහක් ඇතිවෙමින් ඇති අතර අධිකරණයද නොමග යවමින් කටාන පොලිසිය හරහා කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකව තිබේද යන අදහස මේ වන විට පෙරට එමින් තිබේ?
එසේ නම් ඒ කුමන්ත්‍රණය පිටුපස සිටින්නේ කව්රුන්ද යන්න ගැනද උණුසුම් දේශපාලන සංවාදයක් මේ වන විට දිගහැරි තිබේ.
මේ අතර මේ නඩුව සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින වත්මන් රජයේ රාජ්‍ය ඇමති නිමල් ලංසාගේ දේශපාලන සමිපතයෙකු වන මිගමුව මහනගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙකු ද වන සුනිල් සිල්වා අධිකරණය මගහරිමින් විදෙස්ගතව ඇතැයිද වාර්ථා වේ.
ඇතැම් මාධ්‍ය විසින් රොයිස් විජිතට එරෙහිව ගිණි අවි චෝදනාවක් ගැන කටාන පොලිසිය උපුටා දක්වමින් වාර්ථා ලියද්දි රොයිස් විජිත සිය දේශපාලන කටයුතු ඉතා ප්‍රසිද්ධියේ කරගෙන යමින් සිටි අතර සැබැවින්ම රටින් පැන්නේ රාජ්‍ය ඇමති නිමල් ලංසාට සම්බන්ධ නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා බව දැන් මුළු මිගමුවට දන්නා ප්‍රසිද්ධ රහසකි..
අද වන විට සුනිල් සිල්වාගේ මන්ත්‍රිධුරයද අහෝසි වි තිබේ.

මේ සියල්ල විසින් කියා පාන්නේ මේ කුමන්ත්‍රණය කිසියම් අශුද්ධ සන්ධායනයක් විසින් සැලසුම් කර ඇති බවකි. එම අශුද්ධ සන්ධානයට එජාපේ ඇතැමුන් මෙන්ම පොහොට්ටුවේ පිරිස්ද හවුල්ව ඇති බවට සැක නැත.
මුලාශ්‍රය- අරුණ පුවත්පත