රොයිස් සහ ලංසා පවුලේ දේශපාලන හාදකම ?

0
352

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සැරිසරන (වයිරල් වන) ඡායාරූපයක් මීගමුව දේශපාලන කව අතර  කතාබහට ලක්වෙලා.

මේකට මුල් වෙලා තියෙන ඡායාරුපයේ ඉන්නේ කලක් සතුරන්ව සිටි දේශපාලනඥයන් දෙදෙනෙකු වන හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ  මීගමුව මහ නගර සභාවේ හිටපු විපක්ෂ නායකවරයා වූ රොයිස් විජිත සහ මීගමුවේ හිටපු නගරාධිපති දයාන් ලන්සා යි.

මේ සිදුවිම ගැන අප කල විමසුමකට රොයිස් විජිත  දුන් පිළිතුර පහතින් පළවේ.

 

 

එක්සත් ජාතික පක්ෂය තීරණය කරලා තියෙනවා එහි කෘත්‍යාධිකාරී මණ්ඩලය මේ වන විට අපේ පක්ෂයේ නායකතුමා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක සන්ධාන ගත වෙච්ච සියලු පක්ෂ එක්ක ඒකාබද්ධව වැඩපිළිවෙලක් කරලා මේ ස්වාධීන අපේක්ෂකයාව දිනවන්න.

එතකොට අපිට ඒ ප්‍රාදේශීය මට්ටමින් ගලා එන ඒ නියෝගයන් නැත්නම් ඒ ගත්තු තීන්දු තීරණයන් දැනුම් දීපුවහාම, අපිට සිද්ධ වෙනවා අපේ ගම් ප්‍රදේශවල අපි එදා වැඩ කරපු දේශපාලන පක්ෂ සමඟ විශේෂයෙන්ම අපේ මතවාද තිබ්බ අපි විවේචනය කරපු පක්ෂ වල නායකයෝ එක්ක එකතුවෙලා ඒ වැඩ කටයුතු කරන්න.

මොකද මේ රටේ මේ පවත්වන්නේ .ජනාධිපතිවරණයක්.

එතකොට මේ ජනාධිපතිවරයා තමයි මේ රට එදා දුකින් මුදවගත්තු ජනාධිපතිවරයා එදා ගිනිගත්තු ගින්දරින් .පෙට්‍රල් ඩීසල් ගෑස් නැතිව ඒ මහා දැවැන්ත ව්‍යවසනයෙන් මේ රට ගලවා ගත්තු ජනාධිපතිවරයා.

ඉතින් එතුමා සන්ධාන ගතවෙලා තියෙන සෑම පක්ෂ එක්ක ඒකාබද්ධව තමයි අපිට වැඩ කටයුතු කරන්න තියෙන්නේ.

එදා අපි ප්‍රාදේශීය මට්ටමින් කරපු විවේචන, ප්‍රජාතන්ත්‍රවාදී මුක්තියට යටත්ව කරපු ඒ පෙළගැස්සීම් අපිට අද මේ ජනාධිපතිවරණයේදී කරන්න බෑ. අපි සියලු දෙනාම අත්වැල් බැඳගෙන තියෙන්නේ රටේ රජුන් තනන ක්‍රියාවලියට.

එතකොට අපිට සිද්ධ වෙනවා ඒ සියල්ල පසෙකලා ,ඒ සියලු දෙනා සමඟම අත්වැල් බැඳගන්න .ඉතිං ඊට පස්සේ කියනවා මෙතන ඉන්නේ නුසුදුස්සෝ . මෙතන ඉන්නේ මේ මේ වගේ වැඩ කරපු අය කියලා . ඉතින් ඒක අපිට අදාල නෑ,

හරි එහෙම නුසුදුස්සයෙක් මෙතන ඉන්නවනම් ,මේ රටේ ජනතාවට අවස්ථාවක් ලැබෙනවා , මහා මැතිවරණයකදී ඒ අයව ඉවත් කරගන්න.

දැන් මේක රටේ ජනාධිපතිවරයා පත් කරන ජනාධිපතිවරණයක්.

එතකොට අපි දන්නවා ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයින්ගෙන් සුදුසුම සහ ක්‍රියාවෙන් පෙන්නලා තියෙන කයියනායකයෙක් නොවන තමුන්ගේ නිල බලයෙන් ඒ කළ යුතු කටයුතු කරලා මේ රට යථා තත්ත්වයට පත් කරපු නායකයා තමයි රනිල් වික්‍රමසිංහ කියලා කියන්නේ.

එතනදි අපිට වාදයක් විවාදයක් නැහැ,අපිට පක්ෂයෙන් ආපු නියෝගයන් අපි එදා විවේචනය කරපු පක්ෂයන් එක්ක එකතු වෙලා අපිට වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඒක තමයි අද අපි කරගෙන යන්නේ.

දැන් අපිට එක එක්කෙනා කියනවා එයා එක්ක එකතුවෙලා, මේ ගොල්ලොත් එක්ක එකතු වෙලා කියලා, ඒ විවේචනවලට අපිට කන් දෙන්න බෑ. මේක මේ රටේ ඉදිරි අවුරුදු 05 සඳහා මේ රටේ දරු පැටවුන් සමග මේ රට නව ලෝකයක් කරා නවීන තාක්ෂණයත් එක්ක යන ගමනක්. ඒ සඳහා අවශ්‍ය නායකයෙක් පත් කිරීමේ ජනාධිපතිවරණයක් මේක .

එතනදි අපිට සියලු සතුරුකම් , පක්ෂ ,පාට භේද සහ සියලු විවේචන නතර කරලා එකා මෙන් අපි වැඩ කටයුතු කල යුතුයි .එහෙම කරලා මේ සැප්තැම්බර් 21 වැනිදා හැන්දෑවේ 4.00 වෙද්දි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති කිරීමේ කාර්යභාරය අපි ඉටු කරන්න ඕනේ.