රොෂාන් චානක අදත් සැමරේ

0
62

නිදහස් වෙළද කලාප කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදල බේරාගැනිම වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ කම්කරුවන්ට එය රැකගන්නට සිදුවන්නේ ජිවිත පවා පුදකරමිනි.

රොෂාන් ඝාතනය කෙරුන ජුනි මස 1 වෙනිදා සෑමමසකදිම  සමරිමන් සිය පවුලේ ආදරණියයන් සහ සාමාජ ක්‍රියාකාරින් පිරිසක් නිදහස් වෙළද කලාපයේ පොලිසිය ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත වෙති.

අදත් ඇද හැලුන මහ වැසි නොතකා අදත් මේ සැමරුම පැවැත්විණි.

එහෙත් අද සමරුවේ විශේෂත්වයක් පැවතුණි.ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ත්තවය පිළිබදව විමර්ශනය කෙරෙන විශ්ව කාලාන්තර සාමාලෝචන වැඩසටහන  ජිනිවා නුවර යෙදි තිබුෙන් ද අද සවස් වරුවේදිය.එපමණක් නොව  සමෘද්ධි කම්කරුවන්ගේ සියළු සුරැකම් සහිත දිවි නැගුම වැඩසහටන මධ්‍යම රජයේ ඒකාධිකාරය යටතට ගැනිමට රජය ගනු ලැබු උත්සාහය අභියෝගයකට ලක් කරමින් ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් පළාත් සභා සතු බලය පිළිබද ප්‍රශ්ණය මතු කිරිමත් හේතු කරගෙන අගවිනිසුරුවරියට එරෙහිව අද දිනයේ පාර්ලිමේන්තුවට  දෝෂාභියෝගයක් ඉදිරිපත් කර තිබුණි.