රොෂෙන්ලා ජීවිතය දි රැකගත් EPF එක යළිත් අනතුරේ…

0
320

එදා රොෂෙන් චානකලා ජිවිතේ දීල රැකගත්තු EPF එක යළිත් අනතුරේ වැටිලා කියල මේ දවස්වල කටුනායකත් කොළඹත් එකදිගටම උද්ඝෝෂණ ..

වෙනසකට තියෙන්නේ එදා EPF එක බේරගන්න ජීවිත අවධානම නොතකා පාරට ඇවිත් පාරවල් හරස් කරල උද්යෝගිමත් උද්ඝෝෂණ කරපු කරපු කම්කරුවෝ දැන් නැති එකයි.

එදා කම්කරුවෝ පාරට බැහැල රාජපක්ෂලට එරෙහි දක්වපු විරෝධය

ඒ හින්ද දැන් ක⁣ටුනායකදි පාරවල් වල දකින්නේ නිදහස් වෙළඳ කලාපේ කම්කරුවොත් එක්ක වැඩකරන රාජ්‍ය නොවන සංවිධාන වල ප්‍රධානින් සහ කාර්ය මණ්ඩලයත් විවිධ දේශපාලන හා සිවිල් සංවිධානවල කට්ටියත් තමයි.

කමක් නැ.කොහොම හරි මේ අනතුර ගැන කම්කරුවන්ටත්, රටටත් කියන්න ඕනනේ.

එදා මේ අරගලය හින්ද ජිවිතේ දෙන්න ගිහින් අසරණ වෙච්ච කම්රුවන් ගැන එයාලගේ පවුල් වල අය ගැන අද මේ පාරට එන කීයෙන් කි දෙන⁣ක්ට මතකද කියන එකත් ප්‍රශ්ණයක්.

එදා අරගලයේදි රාජපක්ෂ ⁣පොලිසිය විසින් කකුල් කඩා දැමු කම්කරුවෙක්.
EPF එක රැක ගන්න එදා කම්කරුවන් වෙනුවෙන් ජිවිතය දුන් රොෂෙන් චානක

ලංකාවේ අරගල ⁣මිනිස්සුන්ට එපා වෙන්නත් මේව හේතු වෙන්න පුලුවන් .

මොකද අරගල වලින් කට්ටියක් ගොඩ යනව තවත් බහුතරයක් දුක්විඳිනව.

අඩුම තරමේ මේ කැප කිරිම් මතක් කරගන්නවත් ඉස්පාසුවක් නැ හුඟ දෙනෙක්ට .

ඒ තරම් අරගල…

කොහොම උනත් අද කටුනායක උදේ ඉදන්ම පත්‍රිකා බෙදෙන වැඩේ ගැන ජේසුදාසන් සහෝදරයාගේ සජිවි විකාශය හැම පැත්තකින්ම වැදගත්.

අරගල කරපු අයව අමතක නොකරන අරගලකරුවන් බිහිවුන දාට අරගල කියන්නේ හැමදාමත් ශක්තිමත් ඒවා වේවි.

එහෙම හෙටක් ??????

කොහොම උනත් EPF එකට අදාලව අද පාර්ලිමේන්තුවේ කතා වෙන කොට ඒකට එරෙහිව රටේ විරෝධයන් මතුවෙන එක වැදගත්.ඒව ලොකුද පොඩිද කියල අදාලම නෑ…