රොෂෙන් චානක සැමරේ….

0
91

රජයේ පණතක් පළමු වරට පරාජය කරනු ලබමින් 2011 මැයි 30 දා කටුනායක නිදහස් වෙළඳ කලාප කම්කරුවන් ඇරඹු අරගලයට මැයි 30දාට අවුරුදු දෙක සම්පුර්ණ විය. මෙම ඓතිහාසික සටන ජය ගනු ලැබුවත් පොලීසිය විසින් සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරය හේතුවෙන් තරුණ කම්කරුවෙකුගේ ජීවිතයක් අහිමි වූ අතර, තවත් තරුණයන් හත්දෙනෙකු වෙඩි පහරට ලක්ව බරපතල තුවාල ලැබීය. එමෙන්ම 200 කට වැඩි සේවක සේවිකාවන් සංඛ්‍යාවක් තුවාලකරුවන් බවට පත් විය.

මෙම මේලේච්ඡ මර්දනයට එරෙහිව නැගුණු ප්‍රබල විරෝධතාවයන් සමනය කර ගැනීම සදහා රජය විසින් මෙම ප්‍රහාරයට වගකිව යුතු බවට ප්‍රකාශ කරමින් පොලිස් ස්ථානාධිපතිවරයෙක් සහ තවත් පොලිස් නිලධාරියෙක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රිමාන්ඞ් භාරයට පත් කරනු ලැබීය.
එමෙන්ම මේ පිළිබදව සොයා බැලීම සදහා ජනාධිපති කොමිසමක් ද පත් කරනු ලැබූ අතර, මානව හිමිකම් කොමිෂන් සභාවද මේ සම්බන්ධව පරීක්ෂණයක් ආරම්භ කරන ලදී.
නමුත් ඉන් කිසිවකින් මෙතෙක් සාධාරණ පරීක්ෂණයක් ආරම්භ නොවු අතර, එම කිසිම වාර්තාවක් ප්‍රසිද්ධ කරනු තබා මිය ගිය කම්කරුවාගේ දෙමාපියන් වෙත හෝ පිටපතක් ලබා දී නැත.

මේ සම්බන්ධව සාධාරණය ඉල්ලා රයිට් ටු ලයිෆ් සංවිධානයත්, නිදහස් වෙළඳ කලාපය ආශ්‍රිතව ක්‍රියාකාරීව කටයුතු කරනු ලබන තවත් සංවිධාන ගණනාවක් හා සමාජ ක්‍රියාකාරීකයන් කිහිප දෙනෙකුගේ හා රොෂේන් ශානකගේ පවුලේ අයගේ සහභාගීත්වයෙන් කටුනායක පොලීසිය ඉදිරිපිට සෑම මසකම පළවෙනිදා පැවති උද්ඝෝෂණය අඛණ්ඩව මාස 20ක් තිස්සේ පැවැත්වීමට හැකි වීම ලංකාවේ මේ සම්බන්ධව අළුත් අත්දැකීමට මුල පිරීමක් වූවාට සැක නැත.

රොෂේන් ශානකගේ මරණය සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා ජනාධිපති කොමිසමේ නිර්දේශ ප්‍රසිද්ධ කරන ලෙසත් මෙම පහරදීම නිසා පීඩාවට පත් වු සැමට සාධාරණ වන්දියක් ගෙවන ලෙසත් ඉල්ලා ජුනි 01 වනදා සවස 3 සිට 6 දක්වා කටුනායක පොලීසිය ඉදිරියේ දී 21 වන වරටත් විරෝධතා උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
මේ සදහා නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රජාතන්ත්‍රවාදි ජනතා  පෙරමුණේ නායක මනෝගනේෂන් සහ ප්‍රදේශයේ විවිධ බහුජන සංවිධානය නියෝජනය කරමින් සැලකිය යුතු පිරිසක් සහභාගිව සිටියහ.
එමෙන්ම ප්‍රදේශයේ කිතුණු පියවරුන් සහ කන්‍යා සොහොයුරියන්ද මේ උද්ඝෝෂණයට වෙනදා මෙන්ම සහභාගිවි සිටියහ.
21 වන වතාවටත් රොෂාන් ගේ පවුලේ සමාජිකයන් ඔරලෝසු කණුව අසලට රැස්ව සිටියේ මෙම ඝාතනය පිළිබදව සාධාරණ පරික්ෂණයක් ඉල්ලා සිටිමිනි.

තොරතුරු මුලාශ්‍රය- right to life වෙබ් අඩවිය

ftz3ftz5ftz6ftz7ftz8