රෝගි ජිවිත අනතුරේ දැමූ රණවීරගේ හොර රසායනාගාර වාර්ථා මෙන්න.

0
192
2014 ජනවාරි 08 වනදා රණවිර විසින් නිකුත්කළ වාර්ථාව

 

2014 ජනවාරි 08 වනදා රණවිර විසින් නිකුත්කළ වාර්ථාව
2014 ජනවාරි 08 වනදා රණවිර විසින් නිකුත්කළ වාර්ථාව
2014 මැයි 29 වනදා මීගමුව ඩර්ඩනස් රසායානාගාරයෙන් නිකුත් කළ වාර්ථාව
2014 මැයි 26 වනදා රණවීර විසින් නිකුත් කර ඇති වාර්ථාව

එච්.ජි රණවීර මීගමුව නගරයේ වෛද්‍ය මධ්‍යස්ථාන කිපයකටම සම්බන්ධ රසායනාගාර නිළධාරියෙකු යැයි පැවසේ.
ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සලයේ අංකය ලෙසින් දක්වා සිටින්නේ 1072 ය.
මේ ගැන පවා දැන් විවිධ සැක පහලව තිබේ.
කෙසේ වෙතත් අප මතුකරන්නට යන  ප්‍රධාන කරුණ වන්නේ එක් රෝගියෙකු මීගමුව වෛද්‍ය මධ්‍යස්ථාන කිපයක් මගින් අවස්ථා කිපයකදි ගනු ලැබු සම්පුර්ණ මුත්‍රා වාර්තා රණවීර නැමැති විසින් නිකුත් කර තිබුණ අතර ඒවා සම්පුර්ණ බොරු වාර්ථා ලෙස දැන් ඔප්පු වි ඇත.
මේ වාර්ථාවන් හිදි ප්‍රෝටින් අගය නිවරදිව දක්වා තිබුනේ නැත.ඒ සියල්ලේම තිබුනේ ප්‍රොටින් අගය නිල් බවය.
මේ ආසන්නතම වාර්ථාව වුයේ 2014 මැයි 26 වනදාය.මේ වාර්ථාවේ ප්‍රෝටීන් අගය දක්වා ඇත්තේ ඇල්බියුමින් ලෙසින්ය.ඒ අගය කිසිත් නැතැයි එහි සදහන් වුවද 2014 මැයි 29 වනදා මීගමුව ඩර්ඩන්ස්  රසායානාගාර වාර්ථාවේ සදහන් වන්නේ ප්‍රෝටින් අගය 300 ඉක්මවා ඇති බවය.
මෙවන් අගයක් වකුගඩුවක තත්වය සාමාන්‍ය තත්වයක නොතිබෙන බව දක්වන අගයකි.
එමෙන්ම 2014 ජනවාරි 08 වනදා මීගමුවේ තවත් පුද්ගලික රෝහලක ශිර්ෂ පාඨය යටතේ රණවිර නැමැත්තාගේ නිල මුද්‍රාව හා අත්සන යටතේ නිකුත් කර තිබුන සම්පුර්ණ මුත්‍රා වාර්තා වේ පවා ප්‍රෝටින් අගය nil බවය.
මෙම රෝගියාගේම 2008 සහ 2011 වසර වල ගනු ලැබු වාර්ථවල පවා ප්‍රෝටින් අගය නිල් ලෙසින් දක්වා ඇතැයි වාර්ථා වේ.
මේ අනුව පෙනි යන්නේ අදාල රෝගියාගේ මුත්‍රාවල ඇති ප්‍රෝටින් අගය 2008 වසරේ සිට රණවිර නැමැත්තාගේ වාර්ථා වල නෙපෙන්වු නිසා අද නේවාසිකව ප්‍රතිකාර ලබන වකුගඩු රෝගි තත්වයක් කරා වර්ධනය වි ඇති බවකි.
මේ අවසනාවත්ත තත්වයට ප්‍රධානතම හේතුව වන්නේ රණවිර නැමැති රසායනාගාර නිළධාරියා විසින් වැරදි රසායානාගාර පරික්ෂණ වාර්ථා ඉදිරිපත් කිරිමේ බරපතල වැරැද්දයි.
මෙය අතිශය භායනක තත්වයකි.
මෙය තවත් භායනක වන්නේ මේ තැතැන්තාගේ මුලිකත්වයෙන් අදටත් මීගමුවෙ ප්‍රධාන පෙලේ වෛද්‍ය රසායනාගාර පරික්ෂණ ස්ථාන ක්‍රියාත්මක වෙමින් තිබිමයි.