රෝගීන් අමාරුවේ දාන බාල ඔක්සිමිටර් ජාවාරමක් ??

0
119

තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් හෙවත් ඔක්සිජන් මාපක අලෙවිකරන වෙළෙඳුන් සොයා වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි
පසුගියදා (28) සිදුකළ වැටලීම්වලදී තත්ත්වයෙන් බාල ඔක්සිමීටර් 250කට ආසන්න සංඛ්‍යාවක් සිය භාරයට ගත් බවයි ඔහු පැවසුවේය.
දකුණු පළාත් ආහාර හා ඖෂධ පරික්ෂක කේ. එච්. ජයරත්න මහතා පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙම වැටලීම් ආරම්භකළ බවය.

ඖෂධ ශාලාවල ඇති රුධිරයේ ඔක්සිජන් මට්ටම පරික්ෂා කරනු ලබන ඔක්සි මිටර් බොහොමයක් ප්‍රමිතියෙන් තොර බවට ලැබුන පැමිණිලි අනුව ගාල්ල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක නිලධාරින් විසින් ගාල්ල නගරයේ සහ කරාපිටියේ ඖෂධ ශාලාවල ඇති ඔක්සි මිටර් ඊයේ
( 28 ) පරික්ෂා කරනු ලැබ තිබුණි.

ඖෂධ ශාලාවල ඇති ඔක්සි මිටර් නිවෙස්වලට ගෙන ගොස් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය බැලිමේදි පෙන්වන ප්‍රමාණයත් රෝහලට ගියවිට රෝහලෙන් ඔක්සිජන් ප්‍රමාණය බැලිමේදි එකිනෙකට වෙනස් ප්‍රමාණයන් පෙන්විම නිසා තමන් මහත් අපහසුවට පත්වන බවට ජනතාව විසින් කරණ ලද පැමිණිලි අනුව මෙම ඔක්සි මිටර් පරික්ෂාව සිදු කර ඇත.

මේවා බොහොමයක් සෙල්ලම් බඩු ගෙන්වන මුවාවෙන් පිටරටින් ගෙන්වා ඇති ප්‍රමිතියෙන් තොර ඒවා බවත් පරික්ෂා කරන ලද ඔක්සි මිටර්වල වාර්තා කොළඹට යවා වාර්තා එනතෙක් ඒවා මුද්‍ර තබා ඖෂධ ශාලා හිමියන් බාරයේම තැබිමට පියවර ගත් බවත් ගාල්ල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක එස්.එස්.හපුආරච්චි මහතා පැවසිය.

මේ දිනවල ඔසු සැල් තුල සිදුවන පොදු කථා බස් වලින් ඉතා පැහැදිලි වන්නේ මේ වසංගතයෙන් බේරිම සදහා හොද යැයි සමාජ මාධ්‍ය හා වෙනත් මාර්ග ඔස්සේ කියා සිටින දේවල් ගැන අහන්නට මෙන්ම මිළට ගැනිමට පෙළඹි ඇති බවය.