රෝදපුටුවක සිටි අබාධිත දරුවෙකු දැක පාප්තුමා විශේෂ රථයෙන් බිමට බසි.!

0
85

අද දින  දිවයිනට සැපත් වූ අති උතුම් ෆුැන්සිස් පාප්තුමන් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටපලේ සිට කොළඹ අගරදගුරු නිල නිවස කරා යන මග දෙපස අද අලුයම සිටම විශාල පිරිසක් රැස්ව සිටින බව  විශේෂයෙන් දක්නට ලැබුණි.

ඒ අතර එක් විශේෂ සිදුවිමක්ද විය.
එනම් පාප්තුමන් මේ ගමනේදී එක් ස්ථානයකදී තමන් ගමන් කල රථයෙන් බිමට බසිනු දක්නට ලැබීම ඒ අවට රුස් වූ විශාල පිරිසට මහත් ආශිර්වාදයක් විය. නමුත් එතුමන් එම සථානයෙන් බැස ඇත්තේ එම ස්ථානයේ තමන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් රෝද පුටුවලට වි බලා සිටි ආබාධිත කුඩා දරුවන් දෙදෙනෙකු ආශිර්වාද කිරීමටය.
එලෙස තම රථයෙන් බැස ගත් එතුමා විනාඩි 3ක් පමණ එම ස්ථානයේ නතර වී ඒ රැස්ව සිටි පිරිසිද ආශිර්වාද කල බවද සැලය.
අප කවුරුත් දන්නා පරිදි එතුමන් ලෝකයේ මෙතරම් ආදරයට ගෞරවයට බදුන් වන්නේ මෙතුවක් කල් පැවති සම්ප්‍රදායන් සියල්ලක්ම එතුමා විසින් වෙනස්කොට තරාතිරම නොබලාම සිය අසිමිත ප්‍රේමය ඒ සියල්ලෝ සමගින් බෙදාගත් නිසාය
ඒ බව තවදුරටත් ප්‍රත්‍යක්ෂ කරමින් එතුමන් අද දිනයේදිද සිය අසිමිත  ප්‍රේමය යළිත් වරක් ලොවට  ප්‍රකාශ කොට තිබිමද හේතුකොටගෙනය.
ආරක්ෂක විධිවිදානවලට අනුව ඒ විශේෂ රථයෙන් බිමට බැසිමට කිසිදු වැඩපිළිවෙලක් නොවුනද එතුමන් දුටු දසුනෙන් සිත් කම්පා වි වහා රථය නවතා ලෙසින් පවසා රථයෙන් බිමට බැස තිබේ.
බලය වෙනුවෙන් කැමරා කාච අභියස දරුවන් නළවන දේශපාලකයන් සිටින රටකට මෙය කදිම ආදර්ශයකි.127610 ඡායාරූප – ඩිල්ෂාන් තිසේරා

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here