රෝද තුනේ මිටරේ නැත්නම් අද සිට පැමිණිලි කරන්න !

0
98

three_weelත්‍රිරෝද රථ සදහා අද සිට මිටර් අනිවාර්ය කොට තිබේ.එමෙන්ම එහි යන මගියාට බිලක් ලබාදිමද අනිවාර්ය කොට තිබේ.
පසුගිය වසරේ සැප්තැම්බර් 01 වෙනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය සහන කාලයකට යටත් කොට ක්‍රියාත්මක කිරිම පමා කොට තිබුණද අද සිට එය ක්‍රියාත්මකය.
මේ නිතියට අවනත නොවන ත්‍රිරෝද රථ රියදුරන් ගැන පැමිණිලි කරන්න යැයි මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික කොමිසම සමස්ත ජනයා වෙත දන්වා සිටි.
එහෙත් අප මේ සම්බන්ධයෙන් කළ විමසුමකදි මීගමුව පොලිසියේ රථවාහන අංශයේ ප්‍රධානියෙකු කියා සිටියේ මේ පිලිබදව මහජනයාට පැමිණිලි කළ හැකි මාධ්‍ය මගින් දැනුම් දිම් කර තිබෙන බවත් මේ නිතිය කඩකරන අයට එරෙහිව රථවාහන නීතිය ක්‍රියාත්මක කිරිම සදහා යොදාගත යුතු ආකාරය ගැන තවමත් නිසි දැනුවත් කිරිමක් පොලිසි වෙත ලැබි නොමැති බවත්ය.3-weel-issue

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here