රෝහලකට පන්සලක් භාරකිරිම..??

0
105

NGB hospitalමීගමුව රෝහල යනු එහි භූෙගා්ලීය පිහිටිම මත මේ කලාපයේ ඇති අතිශයින්ම වැදගත් රෝහලයි. විශේෂයෙන්ම අන්තර් ජාතික ගුවන් තොටුපලක් අසල පිහිටා තිබිම නිසා මේ තත්වය තවත් තිරාණාත්මක ව ඇත.
එමෙන්ම කම්කරුවන් 50000 ක් පමණ සේවයේ නියුතු නිදහස් වෙළද කලාපයට අවශ්‍ය සේවාමය දායකත්වය සපයා දියු යුතු ව ඇත්තේද මේ රෝහල විසින්මය.
සංචාරක ව්‍යාපාරයේ එක් කේන්ද්‍රස්ථානයක් පිහිටා ඇති කලාපයක රෝහලක වැදගත්කම අළුතින් ලිවිය යුතු නැත.
එමෙන්ම දහස් ගණන් ධීවර කර්මාන්තයේ යෙදෙන මේ කලාපයේ සමුද්‍ර කේන්ද්‍රියව  ඇතිවිය හැකි සියළු අවධානම් තත්වයන් ආවරණය කළයුතුව ඇත්ෙත්ද මීගමුව රෝහල විසිනි.
මේ සියළු කරුණු මත මීගමුව රෝහල අතිශය වැදගත්කමකින් යුක්ත වෙයි.
එනම් ඕනෑම මොහොතක විශාල පිරිසක් එකවර මේ රෝහල වෙත ගෙනඒමට තරම් තත්වයක් පවතින බව අප අමුතුෙවන් මතක් කර දිය යුතු නැත.
එහෙත් මේ තත්වයන් ගැන මෙලෝ මලබෝලයක් නොදන්නා අයගේ ගොන්පාට් පාලනයේ ඇති අඩුපාඩු නිසා අද මීගමුව රෝහල අර්බුදයට යමින් තිබේ.
හදිසියේ ගුවන් යානාවක් කඩාවැටුන හොත් එහිදි අනතුරට පත් සියළුම දෙනා ගිලන් රථ ඇතිව හෝ  නැතිව මුලින්ම ගෙනඒමට නියමිතව අැත්තේ මීගමු රෝහල වෙතය.
එනම් මීගමුව රෝහලට රෝගින්ද සමගින්  විශාල රථ ප්‍රමාණයක් එකවර පැමිණිමට මේ තත්වයන් යටතේ සිදුවිය හැකි යැයි අප උපකල්පනය කළ යුතුය.
මේ නිසා රෝහල භූමිය තුල මේ අවැසි ඉඩකඩට බාධා කරන සියලු තත්වයන් කල් ඇතිවම පාලනය කරගැනිම අාදල බළධාරින්ගේ වගකිමක් වුවද සිදුව නැත්තේද එයයි.
මේ පසුබිම තුල මීගමුව රෝහල තුල විශාල වපසරියක  ඉඩක් යොදා ගනිමින් බුදුපිළිමයක් සහ දැන් චෛත්‍යයක්ද ඉදිකෙරෙමින් පවති.
ඕනෑම ආගමක් වෙත සිය ආගමික කටයුතු  සමරා භක්ති අභ්‍යාසයේ යෙදෙන්නට අැති ඉඩගැන අප අතර කිසිදු විවාදයක් නැත්තේය.
එහෙත් එකිනෙකට පටහැනි ූඋවමනාවන් එක් නැතක ස්ථාපිතව ඇත්තේ නම්
ඉහත විග්‍රහ කරන ලද අන්දමට නම් එහිදි ඉතා පැහැදිලි ලෙසින් එකි ස්ථානයේ ඇති මුලිකම අවශ්‍යතාවට ප්‍රමුඛතාව දිය යුතුව ඇත.
රෝහල් ඇත්තේ රෝගින් සුවපත් කරන්නටය. පන්සල් පල්ලි ඇත්තේ මිනිසුන් දැහැමි කරන්නටය.මේ උවමනාවන් සදහා ලෝකය පුරාම වෙන වෙනම තැන ස්ථානගත කර ඇත.තතු එසේව තිබියදි මීගමුව ට දැන් විශේෂයෙන්ම වැළදුන රෝගයක් ඇත.
කිතුතුමන්ගේ සහ බුදුන්ගේ පිළිම වලටත් මුවාවි හුණන් මැස්සන් අල්ලාගෙන කන හැටි ඔබ දැක ඇත.
මීගමුවේද සිදුවෙමින් ඇත්තේ එයයි.
එහෙත් මේ පිළිම වලට මුවා වි සිටින්නේ අහිංසක හුණන් නොව රටට ම උගස් තියා බුරු ගසන පලකයන් සහ උන්ගේ  හෙංචයියන්ය.
මේ බුහුතරයක් දෙනා  දේශපාලකයන්ය.
නැතිනම් උන්ට පන්දම් අල්ලන ආගමික නායකයන්ය.
මේ සියල්ලන්ම එක්ව තැන නොතැන පිළිම තබාගන්නට අවසර දෙති.අවසර ඉල්ලති.
මීගමුව මහනගර සභා භූමිය තුල දැවැන්ත පිළිම තැනිම මේ ව්‍යපෘතියේ අග්‍රගන්‍ය ඵලයයි.
දැන් මේ භායනක රෝගය තවත් තැන් කරා පැතිරෙන්නට පටන්ගෙනය.
මීගමුව රෝහල අනික් ස්ථානයයි.
දැන් එහි බුදු පිළිමයක් පමණක් නොව  ෙචෙත්‍යයක්ද ඉදිවෙමින් තිබේ.
අප කලින් සදහන් කළ පරිද්දෙන් මීගමුව රෝහල් භූමියේ ඇති සිමිත ඉඩකඩ උපරිම වශයෙන් ප්‍රයෝජනයට ගැනිමට  ඉදිරියේදි පවා මතු විය හැකි සංවර්ධන කටයුතු වෙනුවෙන් පමණක් වෙන්කර තැබිය යුත්තේ ඇයිදැයි තේරුම් ගැනිමට අමුතුවෙන් කරුණු පෙන්වා දිය යුතු නැත.
දෙවියන් නැති තැන මෝඩයෝ පිණුම් ගසනවා යැයි කථාවක් ඇත.
මීගමු  රෝහල අරභයාද දැන් සිදුවෙමින් ඇත්තේ එවැන්නකි.
ආගමික පිළිමවහන්සේ ලා ඉදිකළ යුතු නිසි තැන් ඇත්තේය.එය එසේ නොවි මීගමුව තුල පසුගිය කාලයේ තරඟයට මෙන් පල්ලි සහ පන්සල්වලින් එපිටින් මහජන සේවා ආයතන තුල  බුදු පිළිම සහ සුරුවම් තැබිම වංසගතයක් මෙන් පැතිර යමින් තිබේ.
පිස්සන්ට හැතැක්ම නැතැයි කියැවේ.
එහෙත් අප අසන්නේ මීගමු   රෝහල් පරිපාලනය තුල එක නුවණක්කාරයෙකු හෝ නොසිටියේද යන්නයි.