රෝහල ඉදිරිපිට මරණය සමඟ පොර බැදූ මිනිසා මිය යයි…..

0
172

IMG-20201106-WA0016පසුගිය 6 වන සිකුරාදා මීගමුව රෝහල ඉදිරිපිට තාප්පය අසල අසාධ්‍යව වැතිර සිටි රෝගී මිනිසා ඊයේ (9දා ) මියගිය බව රෝහල් පොලීසිය විසින් ප්‍රකාශ කරන ලදී.

සති දෙකක පමණ කාලයක් , කිසිදු හව්හරණක් නැතිව වේදනාවෙන් කෙඳිරි ගාමින් සිටි මේ පුද්ගලයා ගැන අපගේ වෙබ් අඩවියේ පළකල ප්‍රවෘත්තිය මත මීගමුව රෝහල් සංවර්ධන පදනම සහ මීගමුව පොලීසිය ක්‍රියාත්මක වුවද, ඔහුගේ ජීවිතය ගලවා ගැනීමට නොහැකි වීම කණගාටු දායක කරුණකි. කෙසේ නමුත් ඉහත සඳහන් කළ පරිදි මේ සඳහා මැදිහත් වීමක් කළ අයට අපගේ ස්තුතිය පිරි නමන අතර පසුව සිදුවූ ප්‍රමාදයන් ගැන කනගාටු වෙමි.

යම් මිනිසෙකු අනෙකාගේ අවධානය ලබා ගන්නේ ඔහු සතුව පවතින යම් සබඳතාවක් හෝ බලයක් පදනම් කර ගනිමින් බව මෙම සිදුවීම අප කාටත් කියා දෙන පාඩමයි. මෙම පුද්ගලයා රෝහල් සංවර්ධන පදනම සහ මීගමු රෝහල් පොලීසියද මැදිහත්වී ඔහු නාවා පිරිසිදු කළ නමුත්, වාට්ටුවට ඇතුලත් කිරීම සඳහා රෝහල් අධ්‍යක්ෂක වරියගේ අනුමැතිය ලබාගැනීම සඳහා පැය භාගයකට වැඩි කාලයක් ගත් අතර, මේ තැනැත්තාට වගකිව යුත්තෙක් නොසිටි නිසා රෝහලට භාර ගැනීමද සිදුවූයේ වැඩි කැමැත්තකින් නොවන බව පැහැදිළි විය. නමුත් පසුව 21 වාට්ටුවට ඔහු යොමු කළ බව අපට දැනුම් දුන්නේ රෝහල් පොලීසියයි. ඔහු මිය ගිය පුවත පවා දැන ගන්නට ලැබුනේ අප ඒ ගැන විමසිල්ලෙන් සිටි බැවිනි.
මිනිසෙකුගේ ඉරණම තීරණය වන්නේ කෙබඳු අාකාරයකටදැයි මේ අනුව සිතා ගැනීම අපහසු නැත. මෙය මුදල පදනම් කරගත් මේ සමාජයේ සත්‍ය ස්වභාවයයි. සතුටට කාරණයක් වන්නේ ඉන් මිදී කටයුතු කරන කිහිප දෙනෙකු හෝ තවමත් අප අතර සිටීම පිලිබඳවය. ඔවුන්ට අපගේ ස්තුතිය නැවත වරක් පුදකර සිටිමු.
සටහන ,ඡායා,විඩියෝ – සැම්සන් ඥානසිරි