රෝහළ ඉදිරිපිට රථගාල් වලට ඉඩදුන්නේ කවුද ?

0
80
Parking at Negombo hospital

අවුරුදු  උත්සව  සමය  බැවින්   මීගමු  නගරය  තුළ  ඇත්තේ  කළබලකාරී   පරිසරයකි.තම  අවශ්‍යතා  ඉටුකර  ගැනීමට  පාරේ  තොටේ  වෙළඳසැල්  තුළ  විශාල  ජනතාවක්  නිතරම  සැරිසරයි. රථවාහන  තදබදය  සාමාන්‍ය  දිනවලට  වඩා  විශාල  වැඩිවීමක්  දැකිය  හැක.  එසේම  මාර්ග  අවට  ඇති  විවිධ  දෑ  වෙළඳාම්  කරන  අය  සහ  අනවසර  රථගාල්  නිසා  මගී  ජනතාව   අපහසුතාවයට  පත්වේ. අනෙකා  ගැන  නොසිතා  තමන්ගේ අවශ්‍යතාව  ගැන  පමණක්  සිතා  මාර්ග  නීති  කඩ  කරන  අය  මේ  දිනවල  කොතරම්  සිටියත්  ඔවුන්ට  එරෙහිව   කටයුතු  කිරීමත්  පොලීසියට   පහසු  කටයුත්තක්  නොවේ.

මෙවැනි    තත්වයක්   තිබියදී  ප්‍රධාන  ස්ථාන  වල  රථගාල්   පවත්වා  ගැනීම  සුදුසු   නොවන  බව  ඒවා  නඩත්තු  කරනවුන්  හෝ  ඒවාට  අවසර  දුන්  අයද  අවබෝධ  කරගෙන  නැතිවීම  කණගාටුවට  කරුනකි. රෝහළ  ඉදිරිපිට  ඇති  යතුරුපැදි  සහ  ත්‍රිවිල්  නිසා  මගීන්ට  සිදුවන   අපහසුතාවය  සියළු  දෙනා  නොදැක්කා  සේ   සිටියි. රෝහළ  ඉදිරිපිට  පාරේ  ඇති  යතුරුපැදි  සහා  රු.30ක්   අයකරන  අතර   මේ  සඳහා  අවසර  තිබේදැයි  ඇසුවිට   නගරසභාවෙන්  ඊට  අවසර   දුන්  බව   ඔවුන්  ප්‍රකාශ  කරයි.  සියල්ල  කැරකෙන්නේ  නොපිටටය.  නමුත්  බලධරයෝ  කතාකරන්නේ  හිස  දන්දුන්  සිරිසඟබෝ ලා  විලසින්ය.  කෙසේ  නමුත්  මේවා  පිළිබඳව  අවධානයෙන්  ඉන්නැයි  අපි   ජනතාවගෙන්  ඉල්ලා  සිටිමු.