ලංකාවට අාවේනික වඳ වී යන ගිංපොල් ශාඛය අනතුරේ..

0
423
1
ගිං පොල් කපා ඇති ආකාරය / ඡායා -චන්දන ප්‍රනාන්දු

ලංකාවේ ප්‍රදේශ දෙකක පමණක් ඇති ශාඛයක් ලෙස හදුනාගෙන සංරක්ෂිත ශාඛයක් ලෙස නම් කර ඇති ගිංපොල් ශාඛය මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශ මුඛයට යමින් තිබෙන බව පරිසරයට ආදරය කරන ජනතාව හා පරිසර සංවිධාන පෙන්වා දෙති.
වීශේෂයෙන් වයික්කාල, නයිනමඩම හා බෝලවත්ත ගිංඔය ඉවුරු අශ්‍රිතව හොඳින් වැඩි ඇති මේ ගිංපොල් ශාඛය විවිධ ව්‍යාපාරික අරමුණු වෙනුවෙන් විනාශ කරමින් තිබීමෙන් ලංකාවට පමණක් අාවේනීක වු  මෙම ශාඛය නුදුරු දිනකදි ලාංකීය පරිසර පද්ධතියට අහිමි විය හැකි බව පරිසරවේදින් පවසා සිටි.
නයිනමඩම සොබා පරිසර සංවිධානයේ සභාපතිනිය ටි .එච් අනුරුද්ධිකා මධුවන්ති මහත්මිය..
‘‘ අපි සංවිධානයක් විදියට මෙම ගිංපොල් ශාඛයේ වටිනාකම ගැන ජනතාව දැනුවත් කරමින් ඉන්නවා. අපිට පමණක් ආවේණීක වු මේ ගිංපොල් ශාඛය ලංකාවේම තියෙන්නේ ප්‍රදේශ දෙකක පමණයි ඒ ‍ගොල්ලෝ  හා මේ අපේ ප්‍රදේශයේ ඉතින් ඒ වටිනා ශාඛය රැක ගැනීම අපි හැමොගෙම වගකීමක්, අපි සිවිල් සංවිධානයක් ව්දියට නිතරම උත්සහ කරනවා.
මේ ගිංපොල් ශාඛය රැකගන්න. එත් එය රැකගැනිමට නීතිය ශක්තිමත් නොවීම නිසා අපිත් අසරණ වෙනවා විවිධ ව්‍යාපාරික හා දේශපාලන අරමුණු හමුවේ.
වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් යු.සුජීවා ප්‍රනාන්දු මහත්මිය.
මෙම ගිංපොල් ශාඛය තුරුලතා ආඥා පනතින්ම වඳව වී යන ශාඛයක් ලෙස හඳුනාගෙන සංරක්ෂිත ශාඛයක් ලෙස නම් කරලා තියෙන්නේ. ඒ නිසා කිසිම අයෙකුට මෙම ශාඛය කපා දැමීම හෝ  විනාශ කරලිය නොහැකියි.
එහෙම කරන පුද්ගලයන්ට හෝ ආයතන වලට විරුද්ධව කටයුතු කරන්න නීතිමය බලය අපිට තියෙනවා.”

සටහන සහ ඡායා / චන්දන ප්‍රනාන්දු

3
ඡායා – චන්දන ප්‍රනාන්දු
ඡායා – චන්දන ප්‍රනාන්දු