ලංකාවේ දූෂිතම එන්නත් වැඩසටහන මිගමුවේ..???

0
85

ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු වන උවිදු කුලකුලසුරිය සිය ෆේස්බුක් පිටුවේ මේ සටහන තබා තිබුණි

ආමි හොස්පිට්ල් එකට රුපියල් 10,000ක් පරිත්‍යාගයක් ලෙස දෙනව නම් වැක්සීන් එක ගස්සල දෙන්න පුලුවන් කියල සෞඛ්‍ය ඇමතිගෙ කසාද පුරුෂය කාංචන කියල තියෙනව​. මගේ යාලු නීතීඥයෙක් ගෙදර දෙන්නෙකුට 20,000ක් දීල ගස්සගෙන​. මාධ්‍ය සාකාච්ඡා කරන කෙනෙක් මේ ගැන ශවේන් ද්‍රගෙන් අහන්න​. මේ කතාව 100%ක් ඇත්ත​. මොකක්ද මේ ක්‍රමය​? මොන ක්‍රමේ උනත් ඇත්තටම මේ ආධාරය කියන 10,000 ආමි එකටමද යන්නෙ කියලත් අහන්න​. ගොඩක් අය සැක කරනව මෙතන අතර මැද ගසා කෑමක් වෙනව කියල​.

ඉන් පැහැදිලි වන්නේ එන්නත බිස්නස් එකක් කරගෙන ඇති බවය. මේ අනුව ලංකාව පුරාම වසංගතයත් සමගින් මරාන්තික අරගලයක නිරත ජනයාගේ එන්නත්කරණ අයිතියත් දැන් මේ රජය විසින් සිය ගැත්තනට විවිධ වාසි ලබගත හැකි තැනට යොදා ඇති අන්දමය.
මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ඊයේ විශේෂ නිවේදනයක්ද නිකුත් කර තිබුණි.


මේ අතර ලංකාව තුල ක්‍රියාත්මක වු අන්ත දුෂිතම එන්නත්කරණ වැඩසටහන් සිදුවන්නට ඇත්තේ මිගමුවේ යැයි අප කියන්නේ ඒය එහෙම පිටින්ම දේශපාලකයෙකු විසින් අතට ගෙන ඉතාමත් වංචනිකව ක්‍රියාත්මක කරමින් තිබිම නිසාය.
මේ හමුවේ සෞඛ්‍ය ආමාත්‍යංශයට වගකිව යුතු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා පඹයෙකු ගානට සිය කැමැත්තෙන්ම වැටි තිබිම සැබැවින්ම පිළිකුල් සහගතය.

මිගමුවේ එසේ වෙද්දි සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ටාශය තුල එන්නතකරණ වැඩසටහන් එහි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් මෙන්ම එයට ඉතාමත් කැපවිමෙන් කටයුුතු කළ විශාල තරුණ සේවක පිරිසක් ඉතා අගනා ආදාර්ශයක් සැමට ලබා දි තිබුණි.

මිගමුව නගරාධිපති දායන්ගේ පස්සා දොරේ මෙහෙයුම


මිගමුව නගරාධිපති දයාන් ලංසා එන්නත සිය පියාගේ කලු සල්ලි බුදලයෙන් ලැබුන එකක් සේ සලකා කටයුතු කරතිබුන අතර වඩාත් ලැජ්ජා සහගත අනික් කරුණ වි තිබුනේ දයාන් ලංසාගේ බඩියක් ලෙසින් කටයුතු කරන මිගමු එජාප සංවිධායක බෙන්ජමින් නැමැත්තාද සිය බංකොලොත් දේශපාලනය මේ එන්නතින් ගොඩදාගැනිමට ඉතාමත් නිර්ලජ්ජිත ආකාරයෙන් කටයුතු කර තිබිමය.

පෙරියමුල්ලේ පැවැති එන්නතකරණ වැඩසටහනේදි අපට ජනතාව අපට වාර්තා කළ අන්දමට නාගාරාධිපති දයාන් ලංසා විසින් එවා තිබුනේ යැයි කියන තුණ්ඩු 200 ක් පමණ බෙන්ජමින් විසින් සිය පාක්ෂිකයන් බහුතරයකට බෙදා දි තිබුණ බව කියැවිනි.

මේ නිසා එහිදි එන්නත ලබාගත යුතුව තිබුන අයට විශාල ආසාධාරණයක් වි තිබුන බවද ප්‍රකාශ විය.
මේ ආකාරයෙන් අයථා ලෙසින් පිටපළාත් වලට අයට එන්නත ලබාදිමට උනන්දුවෙන් කටයුුතු කළ අයට සාදයක්ද ඊයේ එක්තරා හෝටලයකදි පැවැත්විමට ව්‍යාපාරිකයෙකු විසින් කටයුතු යොද තිබුණ බවද සැලය

මේ අකාරයෙන් එන්නත්කරණය අවභාවිතා කිරිමට ඉඩදුන් මිගමු සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාට මෙන්ම එයට සම්බන්ධ වු සැමට අදාල බළධාරින් විසින් විනය පරික්ෂණ පැවැත්විය යුතුව තිබේ.
මිගමුව තුලදි වසංගතය බිස්නස් එකක් කරගත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිපදෙනෙකුගෙම් නම් මේ වන විටත් ඉහලට පවා වාර්තා වි ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් අපට දැනගන්නට තිබේ.