ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න මිලානෝහි උද්ඝෝෂණයක්.

0
120

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් “ මිලානෝ  ශ්‍රී ලාංකිකයන්ගේ හඬ”  විසින් අද (11)  මිලානෝ ප්‍රධාන දුම්රිය පොළ ඉදිරිපිටදී මහා උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතය.

මෙම උද්ඝෝෂණය මිලානෝ වේලාවෙන් සවස 3.30 ට ආරම්භ වීමට නියමිතය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි,  මහාචාර්ය සරත් විජේසූරිය මහතා හා පුරවැසි බලය කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ මහතා ලංකාවේ සිට උද්ඝෝෂණයට සහභාගි වන පිරිස ඇමතීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here