ලංකාව තුල ප්‍රධාන ප්රවෘත්ති මුලාශයක් බවට ප්රවෘත්ති වෙබ් කලාව ඉදිරියට පැමිණෙමින් තිබේ.
ඒ නිසා ප්රවෘත්ති වෙබ් කලාව වෘත්තිමය ලෙසින් ගොඩනැගිමේ වගකිමේ වෘත්තිය ප්රවෘත්ති වෙබ් මාධ්‍ය කලාවේ නියැලි සිටින සැමගේ වගකිමක් පවති.
එහෙත් ප්රවෘත්ති වෙබ් අඩවි යන නමට මුවාවි කටයුතු කරමින් සිටින ඇතැම් ගොසිප් පප්පලා නිසා සැබැවින්ම වෘත්තිය ප්රවෘත්ති වෙබ් මාධ්‍ය කලාව ජනයා අතර හෑල්ලුවිමේ අවදානමක්ද දැන් මතුවෙමින් තිබේ.මේ ඇතැම් ගොස්ප් පන්නයේ වේබ් කාරයන්ට ආචාර ධර්ම නැත.
ප්රවෘත්ති මුලාශ්‍රද නැත . කොරෝනා සමයේදි නිරෝධායන නිතියට අදාල ප්රවෘත්ති වාර්තාකරණයේ නියැලෙන්නේ කෙසේදැයි නිකුත් කර ඇති නිවේදනද තඹ පයිසෙකට ගණනක් නොගන්නා ආකාරය අප ඉතා හොදින් පසුගිය කාලය තුල අත්දැක්කෙමු.
මේ පන්නයේ එක් පිරිසක් අද කියන්නේ සුපිරි පාපන්දු ක්‍රිඩක මැරඩෝනා මිය ගොස් ඇත්තේ කොරෝනා නිසා කියාය
මේ එක්තරා කණ්ඩායමක් අද උදේ 7.17 පළකර ඇති පුවතක සිරස්තලයෙන්ම පච පුවතක් බෙදා හැර තිබුණි.
ලෝක ජනමාධ්‍ය සියල්ලක්ම සුපිරි පාපන්දු ක්‍රිඩකයා මිය ගියේ හෘදයාබාධයකින් යැයි සටහන් කොට තිබියදි මුලාශ්‍ර පරික්ෂා කොට පුවත් පළකරන කිසිවෙකුට හෝ මෙවන් සිරස්තලයක් ගෙතිය හැකිද ?
මේ පුවත අදල ගොසිප් අඩවියේ පෙ.ව 8 ට පසු වෙන තෙක් තිබුන අතර දැන් එය ගලවා තිබේ.
පසුගිය දිනක නිරෝධායන මාධ්‍ය වාර්තාකරණ නිවේදන එහෙම පිටින්ම උල්ලංඝනය කරමින් කටයුතු කිරිමට මේ අදලා ගොස්පි අඩවිය කටයුතු කර තිබුණි.
වෘත්තිය වෙබ් මාධ්‍යවේදින් හමුවේ මතුවෙමින් ඇති සෑබෑ අභියෝගය වන්නේ වෙබ් ප්රවෘත්ති කලාවේ විශ්වසනියභාවය පළදු නොකර මාධ්‍ය වාර්තාකරණයේ නියැලිමයි.
රජය කොයි අකාරයෙන් ඉදිරියේදි වෙබ් මාධ්‍ය මර්දනය කිරිමකට සැරසුනද එයට සැබැ ලෙසින් අභියෝග කළ හැකිව ඇත්තේ ආචාරධර්ම පදනම් කොට ගත් ප්රවෘත්ති වෙබ් මාධ්‍ය කලාවක නියැලෙන වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ට පමණි.
ඡායාරූපය-shutterstock