”ලංකාවේ පොලිස් රාජ්‍යය” මන්නාරම තුල ක්‍රියාත්මක වු හැටි මෙන්න……

0
86

5චෝගම් පැවැති සමයේ මන්නාරමේ පිටතට බස්රථවලින් සෙනග ගෙනයාමට ඉඩ නොදිමට මන්නාරම් දිසාපති කාර්යාලය කටයුතු කර තිබුණි.
මේ අනුව කොළඹ පැවැති මානව හිමිකම් උළෙලට පමණක් නොව ත්‍රිමලයේ පැවැති සංස්කෘතික කටයුත්තකට ප්‍රදේශයේ කතෝලික පියතුමෙකුට පල්ලියේ තරුණ තරුණියන් පිරිසක් ගෙනයාමට පවා දිසාපති කාර්යාලය අවසර දි තිබුනේ නැත.
මේ තින්දුව ගෙන තිබුනේ ඉහලින් ලැබුන නියෝගයක් නිසා බව 2013 නොවැ 22 වනදා මන්නාරමේ දිසාපති කාර්යාලයට ගිය රදගුරු රායප්පු හිමි ඇතුළු අනෙකුත් පිරිස් ඉදිරියේ ප්‍රසිද්ධියේ පිළිගැනිමට දිසාපති කාර්යාලයේ ඉහල නිළධාරිනියකට සිදුවිය.
කෙසේ වෙතත් ත්‍රිමලලයට සිය මිසමේ තරුණයන් ගෙන යාමට පියතුමාට ඉඩ ලැබි තිබුනේ කිසිදු ආණ්ඩු විරෝධි කටයුත්තකට සහභාගි නොවන බව ලිඛිතව ම දන්වා සිටිමෙන් පසුව පමණි.
දෙමළ ජනයාගේ අභිලාෂයන් නියෝජනය කිරිම සදහා දමිල නායකගෙන් සැදුම් ලත් පළාත් සභාවක් තිබුනද ශ්‍රිලංකාවේ පොලිස් රාජ්‍ය ඊට පිටින් වැඩකටයතු කරන අන්දම ගැන මෙය කදිම නිදහසුනකි
මෙම අවස්ථාවට සභභාගිව සිටි සමගි බලවේලයේ නායක මණ්ඩල සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු දන්වා සිටියේ දිසාපතිගේ මේ ක්‍රියාවට එරෙහිව අදාල නිතිමය පියවර ගන්නා බවය.