ලංකාවේ ලොකුම ප්‍රතිමාව මීගමුවට ??

0
89

කතෝලික සභාව විසින්  තැනීමට සූදානම් වන විශාලතම ප්‍රතිමාවක්  සදහා මීගමුව කලපුවේ
දූපතක් තෝරාගෙන ඇති අතර ඒම ස්ථානයට අද දින වර්තමාන කාදිනල්තුමා  පැමිණීමට නියමිත බව වාර්තාවේ.
මීගමුව යනු කතෝලිකයන් බහුතරයක් වෙසෙන අඩියක් ගානේ සුරුවම් වලින්ද අඩුවක් නැති පුරවරයකි. අද වන විට බහුතරයක් වන කතෝලික ධිවර ජනතාව භූමිතෙල්  මිළ ඉහල යෑම නිසා  සිය ජීවිකාව පිළිබද විශාල ගැටලුවකට මුහුණ පා  ඇත. ධීවරයි ජනතාවගේ මුදල් වලින් නඩත්තු වන කතෝලික සභාවක් ජනතාවගේ ප්‍රයෝගික දුක් කම්කටොළු හමුවේ ඔවුන්ට පිහිට නොවී මෙවැනි ප්‍රදර්ශනාත්මක දේවල් සිදුකිරීම  කෙතරම්
කාලෝචිත ද යන්න ප්‍රගතශීලි ජනතාව විමසයි.  එමෙන්ම  ඩෙංගු උවදුර නිසා විශාල ජීවිත
තර්ජනයකටත් සෞඛ්‍ය ගැටළුවකටත් මීගමුව ජනතාව  මුහුණ පා ඇති තත්ත්වයකදී
මෙවැනි මුදල් නාස්ති කිරීමේ ක්‍රියාවන් කිරීමට ආගමික නායකයන් උනන්දුවීම පිළිබද
අසරණ දිළිදු ජනතාවට සිදුකරන මහත් අසාධාරණයක් බවද  විචාරශීලී ජනතාව පවසති.