ලංකාව ගැන චිත්‍රපටයක් පෙන්වු NGO ක්‍රියාධරයෙකුට නඩු ?

0
102

පුසාට් කොමාස් යනු මානව හිමිකම් පිළිබදව ජනප්‍රිය මාධ්‍ය ක්‍රියාකාරිත්වයක යෙදි සිටින මැලේසියානු සංවිධානයකි. එහි ක්‍රියාධරයන් පිරිසක් විසින් 2013 ජුලි 08 වනදා no fire zone නම් වු චිත්‍රපටය පෙන්විමට කටයුතු සුදානම් කර තිබියදි එහි පැමිණ ඇති ශ්‍රි ලංකා තානාපතිවරයා විසින් මැලේසියානු රජය වෙත කරන ලද ඉල්ලිමකට අනුව මැලේසියානු රජය විසින් මෙම සංවිධානයේ ක්‍රියාධරයන් තිදෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබුණි.
මේ අය අතුරින් ලිනා හෙන්රි නම් වු ක්‍රියාධරියට එරෙහිව එරට රැඟුම් පාලක මණ්ඩල නිතියට අනුව නඩු පවරා ඇති අතර ඇය හෙට දිනයේ උසාවියේ පෙනි සිටිමට නියමිතය.
මැලේසියානු මානව හිමිකම් ක්‍රියාධරයෙකු පවසා ඇත්තේ මෙම මර්ධනිය ක්‍රියාව පැහැදිලිවම අදහස් පළ කිරිමේ නිදහස පිළිබද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මුලික අයිතින් උල්ලංඝනය කිරිමක් බවය.no fire zone චිත්‍රපටය  ශ්‍රිලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ සිදුව තිබුණු අමානුෂික ක්‍රියා සියල්ල පසුබිම් කරගෛනය.no fire zone