ලංසගේ පොස්ටර් ඉරුවා යැයි කියා කොච්චිකඩේ පොලිස් පොඩ්ඩෙක්ට තග දාලා !

0
227

මිගමුව පොලිස් කොට්ඨාශයේ ඇතැම් පොලිස් ස්ථාන තවමත් කටයුතු කරමින් සිටින්නේ රාජපක්ෂ සමයේ තියරියටද යන ප්‍රශ්ණය මේ වන විට මතුව තිබේ.

අපෙක්ෂක ප්‍රචාරක පොස්ටර්ස් ඉවත් කිරිම  මැතිවරණ රාජකාරියකි.පොලිස් නිලධාරීන් මෙන්ම කම්කරුවන්ද මේ සඳහා සේවයේ යෙදාවා ඇත.

කොච්චිකඩේ ප්‍රදේශයේ  නිමල් ලංසාගේ පොස්ටර්ස් ඉවත් කිරිම සම්බන්ධයෙන් vකොච්චිකඩේ පොලිසියේ පොලිස් ලොක්කෙකු   පොස්ටර්ස් ඉවත් කිරිමේ කටයුතු වල නියැලි සිටි පොලිස් නිලධාරියෙකු කැදවා දොස් කියා ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ඇත.

මේ ආකාරයෙන් පොලිස් ලොක්කාගෙන්  පිඩාවට පත්වු පොලිස් නිලධාරියා මේ තමන්ට සිදුවු අවමානය ගැන මිගමු පොලිස් කොට්ටාශයේ ඉහලම තැන්වලටද දන්වා ඇතැයිද වාර්තාවේ.

වෙනත් නගර මාලිමා රජයක පාලනයේ නිතිය රාමුව තුල කටයුතු කරනු දක්නට  ලැබුනද මිගමුවේ ඇතැම් ආයතන මතට මිගමුවේ කළු සල්ලිව සෙවනැල්ල තවදුරටත් වැටි ඇති සෙයක් නිරික්ෂණය කළ හැකිව තිබේ.