ලංසලාගේ බඩු බෙදිල්ල සහ රංජන්ගේ බඩු බෙදිල්ල !

0
474

තමන්ටම කියා ඉන්නට තැනක් හෝ නැති රන්ජන් රාමනායක සිය හිතවතුන්ගේ ද සහය ඇතිව දැනට පදිංචිව සිටින මාදිවෙල මන්ත්‍රි නිවාස සංකිර්ණය තුල හාල් මිටිද එළවළුද රැස්කරමින් කරමින් කරගෙන යන පිඩාවට පත් ජනයාට බඩුබෙදිල්ල සහ ලංසා පවුලේ අය මිගමුවේ මහජන බදු මුදල් සිය දේශපාලන ව්‍යාපෘති වලට යොදවා ගනිමින් කරගෙන යන මැතිවරණ ප්‍රචාරක බඩු බෙදිල්ල අතර වෙනස ගැන මේ දිනවල මිගමුවේ දේශපාලන සමාජය තුලද කතා බහක් මතුව තිබේ.
පසුගිය දිනක එක් රැයක මාදිවෙලට පැමිණි එළවලු පටවා ගත් රථයක් රන්ජන් රාමනායක සිටින පාර්ලිමේන්තුව නිවාස සංකිර්ණයට ඇතුලු කිරිමට ඉඩ ලබා නොදි පොලිස්දැමු පාට් ගැන රන්ජන රටට කියා තිබුණි.
අදාල ඉහල නිළධාරියෙකුට කරුණු පැහැදිලි කිරිමෙනුත් පසු අදාල පොලිස් නිළධාරියාගේ අකුලු හෙලිමට එරෙහිව රන්ජන් වරක් සුද්ද සිංහලෙන් කථා කළ අයුරුද අපි දුටිමු.

rnajan 5
රන්ජන් එහිදි කිවේ මේ මලු වල කුඩු නැ ගංජා නැ කියාය. රන්ජන් එසේ කට්ටක් කද්දි ලංසා පවුල අතදිගහැර ෆේස් බුක් ෂෝ දමා බෙදුවේ මහජන මුදලින් මිළට ගත් බඩුය.
දැනටමත් වාර්ථා වන අන්දමට මහජන බදුමුදල් යොදවා ලක්ෂ 45 ට අධික වියදමක් දරා මිළට ගෙන ඇති බඩුවලින් වැඩිප්‍රමාණයක් සිය දේශපාලන ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සදහා මිගමුවේ වැල්ලවිදියට අමතරව වත්තලටද කටානද බඩු බෙදා ඇති අන්දම දැන් මිගමුවේ ප්‍රසිද්ධ රහසකි. පොහොට්ටුටව් මන්ත්‍රිවරු පවා කියන්නේ ලංසා පවුලේ අයියාට සහ මල්ලිට මලු 5000 ක් වෙන් වු බවය. පොහොට්ටු නාගරික මන්ත්‍රිවරයෙකුට මලු 100 කි. විපක්ෂයට මලු 50කි.
ලංසා පවුලේ බඩු බෙදිල්ල එසේය.