ලංසලාව දේශපාලනයෙන් අතුගා දැමු NPP මීගමු  මෙහෙයුම ථෙතිහාසිකයි!

0
426

ලංකාවම දැන් කථා කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ මාලිමා නායක විජිත හේරත් ලබාගත් ථෙතිහාසික මනාප ගණන ගැනය.ගම්පහ දිස්ත්‍රික්කයට ජනතා නියෝජිතයන් 16ක් පත්ව තිබිමද සුවිශේෂ වේ.ඒ අතරට  මිගමුවෙන් ඡන්දය ඉල්ලු හෙන්රි සහ අරුණ ඇතුලත්ව නොතිබිම බොහෝ දෙනෙකුට කණගාටුවක් ජනිත කර තිබේ.

එහෙත් හෙන්රි ,අරුණ ඇතුළු ක්‍රියාකාරින් සහ ඔවුන් හා එක්වුන මිලියන භාගයකටත් වඩා වැඩි ජනතාව රටම කතා කරන තවත් ථෙතිහාසික කාර්යයකට මුලිකත්වය ගෙන තිබුණි.එනම් ලංසා පවුල ඉතිහාසයේ පළමු වතාවට රටේම දේශපාලනයෙන් අතුගාදමා තිබිමය

එය සැබැවින්ම විජිත හේරත්ගේ මනාප ලක්ෂ හත තරම්ම ථෙතිහාසිකය.

මැතිවරණ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණි සිටි නිමල් ලංසාගේ ගණන් බැලිම වි තිබුනේ රටෙන්ම මන්ත්‍රීධුර 40 ක් සහ ගම්පහින් මන්ත්‍රීධුර 4ක් යැයි කියාය.

නිමල් ලංසා මි⁣ට පෙර පවසා තිබුනේ මිගමුවෙන් තමන් ඡන්දය ඉල්ලන හැමවිටකම මිගමුව ජය ගන්නා බවය.

දැන් සියළු කතා අවසන්වි තිබේ.

ඡන්දය දැමිමට විජයරත්නම් විද්‍යාලයට පසුගිය 14 වෙනිදා පැමිණි වෛද්‍ය හෙන්රි රොසාරියෝ ටක්කෙටම කියා සිටියේ ගම්පහ දිස්ක්කයෙන් මාලිමාව මන්ත්‍රීධුර 15ක් පමණ  ගන්නා බවය.ඔවුන් එය 16ක් බවට පරිවර්තනය කර ගැනිමටද සමත්විය.තමන් කිසිවිටෙකත් මනාප අංකය ගැන සදහන් කළ නැති බවද මාලිමාව දිනවිමට පමණක් මුලිකත්වය දුන් බවද ඔහු අවධාරණය කර සිටියේය.

මේ අනුව ලංසාගේ පුරෝකථන පුස්සක් වි හෙන්රිගේ පුරෝකතන නිවරදිවිම යනු නිවරදි දේශපාලනික විවරණයක් සහිත පරිචයකට දැන් හෙන්රිලා පැමිණ ඇති බවද කියැවෙන යථාර්ථයකි.

මිගමුවේ ජයගත්තේ ලංසාලා කාවින්දලාට එරෙහිම පෙරමුණ ගත් ප්‍රගතිශීලි ජනයාගේ ජවයයි.

හෙට සිට මිගමුව අළුතින් ගොඩනගන්නේද එ ජනතා ජවයම බව පැහැදිලිය.

අනික් බොහොමයක් මාධ්‍ය ලංසා පවුලේ දුෂණ ගැන මීක් නොකියා ඇතැම් විට ඩිල් වලට බවා  යද්දි මීපුර අපි දිගටම සටන් කලේ මේ සකලාකාර වංචා දුෂණ හෙළි කිරිමටය.
ලංසා පවුලේ කළු සල්ලි දේශපාලනයේ සංකේතාත්මක අවසානයට අපද දශක ගණනක සිට මාධ්‍යකරුවන් ලෙසින් හවුල් වුනෙමු

මලිමාව ජනතාවට  ලබා දි තිබුනු ප්‍රධාන පොරොන්දුව වි තිබුනේ හොරු ඇල්ලිම ගැනය.

දැන් අවස්ථාව එළඹ තිබෙන්නේ මීගමුවේ ජනතා මුදල් මෙන්ම පොදු දේපල පවුලක සැප වෙනුවෙන් හිතුමතේ පරිහරණය කළ ලංසා පවුල ගැන විමර්ශන ඇරඹිමය මිගමුවේ මාලිමා දේශපාලනයේ අංක එකේ වගකිම බවට එය පත්කර ගත යුතුව ඇත

පාර්ලිමේන්තුවට යැමට මනාප  ගණන තරමක් මදිව තිබුනද හේන්රිලා අරුණලා මිගමුව අරභයා කර ඇති දේශපාලනික කාර්යභාරය අන්කිසිවෙකටත් දෙවෙනි නොවන්නේ ඒ නිසාමය.

අපි මිගමුව අළුතින් ගොඩ නගමු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here