ලංසලා සහ තෙවරප්පෙරුමලා !

0
185

FB_IMG_1585201541152FB_IMG_1585201547719මීගමුව තුල මේ දිනවල පුලුල් කථා බහකට ලක්ව ඇත්තේ කොරෝනා අර්බුදය ඔස්සේ සිය දේශපාලන ව්‍යාපෘතිය ගොඩදමා ගැනිමට මහජන බදුමුදල් වලින් නගර සභාෙව් සියළුම මානව සහ භෞතික සම්පත් යොදා හැදු සහන මළු දයාන් ලංසා පදනමෙන් සහ නිමල් ලංසා පදනමෙන් යැයි කියමින් මිගමුවේ ගම්වලට ගොස් බෙදිම ගැනය.
බෙදන බඩු වලිනුත් දේශපාලන වාසි ගැනිමට යැම කාගේත් පිළිකුලට ලක්විය.
මේ අතර රු 400 ක් තරම් වත් වටින්නේ නැති බඩු මල්ලක් රු 500 කට අලෙවි කිරිම ගැනද ජනයාට තිබුනේ විරෝධයකි.

රු 400 ක වත් බඩු නැති රු 500 කට විකුණු බඩු මල්ල
රු 400 ක වත් බඩු නැති රු 500 කට විකුණු බඩු මල්ල

මේ විරෝධය ඊයේ දිනයේ පිටිපනදි පුපුරා ගියේය. නගරාධිපතිවරයාටද එය එල්ල කරන්නට තරම් එය දුර ගියේය.මිගමුවේ දේශපාලකයන් ගැන කථාව එසේව තිබියදි අද රටේම කථාබහකට ලක්වෙමින් සිටින සමාජ මාධ්‍ය වලට වැඩි පැසසුමකට ලක්වු තවත් දේශපාලකයෙකු වෙයි.
ඔහු පාලිත තෙවරප්පෙරුමය.
හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකි.ඔහුද මෙවර එජාපයෙන් තරග වදි.
ඔහුද මේ දිනවල මහන්සි වෙමින් සිටින්නේ එදා වේල සපයා ගතනොහැකි ව සිටින අයට කැම උයා කන්නට දිමය.
ඔහුගේ මේ ක්‍රියාව සමාජ මාධ්‍ය වල මේ වන විටත් ඉතා ඉහල අගේ කිරිමකට ලක්වෙමින් තිබේ.
මේ අවස්ථාවේදි පමණක් නොව මිට පෙරද මෙවන් විපත්වලදි ඔහු සැමට පෙර පෙරට පැමිණ සිය යුතුකම දේශපාලකයෙකු ලෙස නොව මිනිසෙකු ලෙස කලේය.