ලංසාගේ අවසන් බලාපොරොත්තුවත් ගිලිහේ ! කාංචන ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට !

0
315

.

මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකෙන් එක් මන්ත්‍රීධුරයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ

ඔහු පසුගිය මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළද ඉන් පරාජයට පත්විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බොහෝ දෙනෙක් කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට යොමු කළ යුතු බවට මත ප්‍රකාශ කර තිබේ.

එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන පරිදි එම ලිපියට පහත සඳහන් පුද්ගලයින් අත්සන් කර ඇත.

* වෛද්‍ය රමේෂ් පතිරණ
* පවිත්‍රා වන්නිආරච්චි
* රෝහිත අබේගුණවර්ධන
* එස්. එම්. චන්ද්‍රසේන
* ජානක වක්කුඹුර
* ප්‍රේමනාත් දොලවත්ත
* ජගත් සමරවික්‍රම
* අජිත් රාජපක්ෂ
* චින්තක මායාදුන්නේ
* කෝකිලා ගුණවර්ධන
* අරුන්දික ප්‍රනාන්දු
* මධුර විතානගේ
* මංජුලා දිසානායක
* මුදිතා සොයිසා
* උපුල් රාජපක්ෂ
* ශාන්ත බණ්ඩාර
* ප්‍රමිත තෙන්නකෝන් 

 

මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකෙන් එක් මන්ත්‍රීධුරයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිතය.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කළද ඉන් පරාජයට පත්විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බොහෝ දෙනෙක් කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට යොමු කළ යුතු බවට මත ප්‍රකාශ කර තිබේ.

මේ අතර ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යාම සදහා කිප දෙනෙකුගේම නම් යෝජනා වි තිබුණි. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන් එම ඉල්ලීම කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එහි ලේකම් දුමින්ද දිසානායක, නව සන්ධානය වෙනුවෙන් එහි නායක නිමල් ලන්සා සහ පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් ලසන්ත අලගියවන්නයි.

නිමල් ලංසාට හිතවාදි කණ්ඩායම් පවා මේ වෙනුවෙන් උත්සාහයන් ගනිමින් සිටි බවද වාර්තා වු අතර මිගමුවේ ලංසාට හිතාවදිව සිටි ජේෂ්ඨ දේශපාලකයෙකු පවා පසුගියදා කියා තිබුනේ නිමල් ලංසා රු කෝට් 5 ක් පමණ ගෑස් සිලින්ඩරේ මැතිවරණ කටයුතු සදහා වැය කර ඇති නිසා ලයිස්තු මන්ත්‍රිධුරයට ඔහු ලබාදිම යුතුකමක් වන බවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here