ලංසාගේ පළමු මනාපය කාටද..?

0
56

මීගමුව මහනගර සභාවේ නගරාධිපති අපේකෂකයා කව්ද යන්න ගැන දැන් විවිධ කථාබහ ඇතිවන්නට පටන්ගෙනය.මෙහි පළමු වෙඩිමුරය පත්තුකරන ලද්දේ ඇන්ටන් ජයවීර නාගරික මන්ත්‍රීවරයා විසිනි.මට ශක්තියක් දුන් ජයවීරට මමත් උදව් කරනවා යන අදහස රැගත් පොස්ටරයක් ලංසාගේ පින්තූරයක්ද සමගින් පසුගිය දිනවල මීගමුව නගරය පුරාව අලවා තිබුණි.දැන් කව්රුත් බලාසිටින්නේ නිමල් ලංසා ඇමැතිවරයාගේ මල්ලි වන දයාන් ලංසාද තරඟ බිමට පිවිසේදැයි කියාය.ඔහු හෙට දිනයේ මේ සදහා අපේකෂකයන් වෙනුවෙන් වන සම්මුඛ පරික්ෂණයට මුහුන දිමට නියමිතය.මේ අතර දැනට බන්ධනාගාරගතව සිටින නාගරික මන්ත්‍රි මාක් සුජිත් විවාහ වි සිටින්නේ නිමල් ලංසා ඇමැති වරයාගේ ඥාති සොහොයුරියක් සමඟය.ඔහුද තරඟ බිමට පිවිසිමට නියමිතය.

නිමල් ලංසාගේ පළමු මනාපය මේ අයගෙන් කාටද…