ලංසාගේ සගයන් වු ඇවේන්ඩ්‍රා ධනේෂ් සහ බොරළු සමන්ත අල්ලස් කොමිසම හමුවට ?

0
100

briberyඇමති නිමල් ලංසාගේ සමිපතම  දේශපාලන සහ ව්‍යාපාරික මිතුරන් වන බොරළු සමන්ත , ඇවේන්ඩ්‍රා හෝටලයේ හිමිකරු වන ධනේශ්  සහ තවත් මුස්ලිම් ව්‍යාපාරිකයෙකු පිළිබදව අල්ලස් හා දුෂණ කොමිසම විසින් පරික්ෂණ ආරම්භ කර ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර සිටි.
මේ පිරිස ඉතා කෙටි කලක් තුලදි මෙසේ කෝටිපතියන් වුයේ කෙසේද යන්න මේ විමර්ශනවලට පාදක වි ඇත.
විශේෂයෙන්ම මේ රටේ මහජන මුදල් වංචා කළ අය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම හමුවට ගෙනඒමට පසුගිය කාලය තුල ක්‍රියාත්මක වු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාගෙන් මේ ගැන අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ මහජන දේපල සහ මුදල් වංචා කළ කිසිවෙකුටත් නීතියෙන් ගැලවිමක් නැති බවය.එමෙන්ම ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ අල්ලස් කොමිසමේ නිළධාරින් කඩිනමින් පත්කිරිමෙන් අනතුරුව මේ සියළු පරික්ෂණ කඩිනම් කෙරෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here