ලංසාගේ සහ රාජපක්ෂලාගේ දියයට මෙහෙයුම

0
78

Lansaශ්‍රි ලංකා ඉතිහාසයේ දේශපාලනයට අවතිර්නවු නායකයන් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය   පොදු පෙරමුන  දැන් නිදහස් සන්ධානය නමින්ද වත්මන් ජනපති ලෙස පත්ව වසර තිහක යුද්ධය අවසන් කරන අතර අවසානයේ ආශ්චර්යමත්  ශ්‍රි  ලංකාවක් ගොඩනගන බවකි සංවර්ධන නමින් මෙසේ  ක්‍රියාවලියක් දියත් වෙද්දි  අද දියත් වෙමින් පවතින අපට නොපෙනෙන මෙහෙයුමක් දෙස අවධානය යොමු කලයුතුව තිබේ.

ජ වි පෙ දෙකඩ කිරිම කදුකරයේ පක්ෂ සහ වෘත්තිය සමිති එකිනෙකා අතර අලුත් පක්ෂ ඇති කිරිම  එ ජ ප ප්‍රධාන විපක්ෂයතුලද බේද ඇති කිරිම අදවන විට කරලියට බැස තිබේ.
නැගෙනහිර  පලාතේ කරුනා අම්මාන්  පිල්ලයාන්ගෙ පිල්ඛෙදිම  හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හා ඔහුගේ පක්ෂය හා මිතුරන් දුර්වල කිරිම හෙළ උරුමයේද මත ඛෙද ඇති කිරිම  ශ්‍රි  ල මු කොංග්‍රසයේන් හිස්බුල්ලා අතාවුල්ලා ලෙසත් බදුර්දින්  යන අය වෙනම පක්ෂ ඇති කිරිම පසුව එයින්ද වෙන්විම මේ සැලැසුමේම කොටස් ලෙස දකින්නෙමු.
මෙය සදහා විශාල ධනස්කන්දයක් ලබාදි පසුව එසේ වෙන්වුවන්  තම පක්ෂයේ මෙහෙවර සදහා භාවිතා කිරිම මේ මෙහෙයුමේ ප්‍රථිපලයි.
මෙවන විට උතුරු පලාතේ මහ ඇමතිට  විරුද්ධව නව සංවිධානයක් ආනන්ද සංගරි හා ඩග්ලස් දේවානනාද ගේ පක්ෂ කණ්ඩායමක් බිහිවෙමින් පවති
එසේම   සිංහළ බෞද්ධයාගෙ ඡන්දය ලබා ගැනීම අරමුනින් බොදු බලසේනාව හා රාවනා බලකාය ජාතිවාදි ස්වරුපයක් ගැණිමට වටා පිටාව සකස් කරදිම  සමගම බොදුබල සේනාව යම් දිනක හිස එසවිම වැලක්විම සදහා රාවනා බලකායද දියත් කර ඇත.
මෙය සදහා සුළු  වාර්ගිකයන් ගේ ආගමික සංස්කෘතික උරුමයන් අයිතිවාසිකම් නොලැඛෙන ආකාරයට ජාතිවාදි ලෙෂ  ක්‍රියා කිරිම පසුව මෙවා සමතයකට පත්කරන මුවාවෙන් සුලුජන කොටස තමන්ට අවනතවිමේ  පසුබිම සැකසිමයි.
අලුතින් ජනපද ඇති කිරිම  ජනාකිර්ණ පෙදෙස් සංවර්ධනය කිරිම සදහා ඉඩම් අත්පත් කරගැණිමද සිදුවෙමින් පවති මෙය සදහා මාධ්‍ය උපරිමව සුදු හුණු ගාමින් සිටි.
උතැරු පලාත් ඡන්දයටද විශාල මුදලක් වියදම් කලද පරාජයට පත්විය  දෙමළ ජනයා තම වර්ගයාගේ උන්නතිය හා අයිතිවාසිකම් සදහා පෙනිසිටින පක්ෂයටම ඡන්දය දිම  නිසා රාජපක්ෂවරුන්  උරනව ඇත.
එමනිසා  අද සුලු පක්ෂ අතුගා දැමිමෙ මෙහෙයුමද එලෙසින්ම ක්‍රියාත්මකය.
එහි නවතම මෙහෙයුමට නතුවන්නේ ශ්‍රී මු කෝංග්‍රසයයි .
වත්මන් රජයේ පාර්ශව කරුවන් වූවද   එම පක්ෂය මුස්ලිම් ප්‍රජාවේ වෙනුවෙන් හඩනගන පක්ෂයකි.  එම පක්ෂය අතුගාදමන එක් අවස්ථාවක් ලෙස වයඹ පලාත් මැතිවරනය ගතහැක.
පුත්තලම හිටපු ශ්‍රි ල මු කො පලාත් සභා මන්ත්‍රිවරුන් බිළිබැම පසුව ඡන්ද පත්‍රිකා පාසැලකින් හමුවිම  යන සිදුවිම් අධ්‍යනය කිරිමේදි සැලසුම් සහගතව සිදුවනබව පසක්කර දෙන්නේ මේ මෙහෙයුමේ විවිධ කොටස් ලෙසය.
මුස්ලිම් ජන නියොජිතයින් පත් නොවේවා යන්න මෙහි එක්ම ප්‍රාර්ථනයයි .
මෙම පසුබිමක  තුල බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් මුස්ලිම් කොංග්‍රසය අතුගා දැමිමේ මෙහෙයුමක් දැන් ක්‍රියාත්මකය .
ශ්‍රීල මු කො එකම මුස්ලිම් නියොජිත ශාෆි රහිම්ව  පරාජය කිරිම මගින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් එම පක්ෂයට ඇති ප්‍රචලිය  අඩුකිරිමට හැකි වනු ඇත.
මේ සදහා  සන්ධානයෙන් මුස්ලිම් වරුන්  දෙදෙනකුටද මෙවර  නාමයොජනා යන ලැබෙනු ඇත.

මිගමුව උප නගරාධිපති සකාවුල්ලා පලාත් සභාවට යැවිමටත් මුස්ලිම් මනාප තමන්ට ලබාගන්නටත් දැනමටත් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති හිටපු පළාත් සභා ඇමති  නිමල් ලන්සා මාන බලන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිමහෙළිමේ තියරිය ක්‍රියාවට නැංවිමටය.
මුස්ලිම් කොංග්‍රසය ගම්පහින් ඉවත්කර දි රාජපක්ෂ පරපුරේ හිත දිනාගැනිම එක් අරමුණකි.අනික වන්නේ කෙසේ හො මීගමුව මහනගර සභාවේ උපනගරාධිපතිවරයා පළාත් සභාවට යවා ඒ තැන  තම සොහයුරා වන දයාන් ලන්සාට ලබාදි මීගමුවේ ගොඩ් පාදර්ගේ හිතදිනාගැනිමටය.
හොර ජන්ද දමා නිමල් ලංසාව මුල්වරට  නගර සභාවට ගෙනඒමට සිල්ල කළ ගොඩ්පාදර්ට එරෙහිව වන්නට ඒනිසා ඇමති ලංසාට නොහැකිය.

පුෂ්ප කුමාර අරඛේවල