ලංසට ඇත්තටම බලය නැතුව ඉන්න බැ. හරියට මාළුවට වතුර නැතුව බැ වගේ . ඒ් හින්ද ඒ වෙනුවෙන් ඔ්නම ගේමක් ගහන්න මනුස්සය දන්නව. අනික ඒ ගැන කිසිම ලැජ්ජාවකුත් නැ.
මොකද අපි දන්න තරමට දේශපාලනය විතරක් කරල එයා දැන් හම්බකරගෙන තියෙන මිල මුදල් ඇතුළු සැප සම්පත් ගැන බැලුවමට මිගමුවේ නගර සභාවට ඒ කාලේ ආව කියන්නේ සෙරප්පු දාල යටට දැල් බැනියම ඇදලනේ.
ඇත්ත දන්න මිගමුවේ අය මේව ගැන හොදට දන්නව.
වැඩිය ඔ්නේ නැ . 2015 ජනාධිපතිවරණයේ මිගමුවේ තිබුන අන්තිම රැස්විමේදි ඉස්සර හිටපු කාන්තාවනුත් ලැජ්ජාවට පත්කරමින් ලංසා මොන තරම් රනිල්ටත් මෛත්රිටත් බැන්නද , යකෝ එහෙම බැන්න ඒකා මෙන්ම මෛත්රි ජනාධිපතිවුණාම අර කථා ගැන කිසිම ලැජ්ජාවක් නැතුව මිගමුව පුරා පෝස්ටරයක් ගැහැව්වනේ මෛත්රිට සුබ පතල අපේ සභාපතිට සුබපැතුම් කියල.
ඒ් විතරද මිනිහ ලැජ්ජාවක් නැතුව මෛත්රි රනිල් ආණ්ඩුවේ ඇමතිකමකුත් ගන්නවනේ . ඒ්කයි අපි කියන්නේ ලංසා කියන්නේ හුලං අත බලල කවදත් රුවල් දාන පොරක්.
ඒහෙව් ලංසාගේ හෘද සාක්ෂිය ගැන ලංසට මුට්ටි අල්ලන අයට හරියට ලියාගන්න බැරි බව අපිත් දන්නව වුනත් පට්ට ඇත්ත තමයි ලංසාගේ මේ ඉල්ලා අස්විම කැබිනට් ඇමතිකමක් ගන්න ගහපු තවත් උප්පරවැට්ටියක්ද කියන එක.
දේශපාලනය කරන අය දන්න ලංසව අද මේ තැනට ගේන්න මුලික පදනම හැදුවේ ජෙයරාජ්. ජෙයරාජ් ට වෙච්ච දේශපාලන මදි පුංචි කම් හින්ද ශ්රිලනිපෙන් අයින් වෙලා ඒජාපෙට පනින්න වහල උඩට නැගල විරෝධතා දක්වපු කාලේ ලංසත් සෙට් වෙලානේ හිටියේ ඒජාපෙට පනින්න .
මිනිහ එහෙව් පුතයා …..
අනික ජෙයරාජ් මැරුණුම ලංසට දේශාපලනය වෙනුවෙන් අත හිත දුන්න තමන්ගේ ජේෂ්ඨයගේ පවුලේ අයවත් අමතක කරන මෙන්න ලංස සෙට් වෙනවා බැසිල් ඒක්ක .මිනිහ ඉතිහාසේ පුරාම කලේ හුලං අත බලල රුවල් දාපු එක.
එහෙව් පුතයෙක්ට මොන හෘද සාක්ෂියක්ද ?
කොහොමත් ලංසාව දේශපාලනයට ගෙනාපු එයාගේ තාත්තගේ පවුල් පසුබිමත් ඒජාපෙනේ .ඒ කෘත ගුණ නියම විදියටම සලසන්න නම් ලංසට ඇමති බලයක් ඔ්නමයි . මොකද තාත්තගේ සෙල්ලං වලට සල්ලි විසිකරන්න යටිතල පහසුකම් හදන්න බිච් පාක් ඒක වගේ මිගමුව මහනගර සබාවට රුපියක් කෝටි ගණන් හම්බ කරල මිගමුවේ බදු ගෙවන ජනතාවට ගන්න පුලුවන් ආදායම තාත්තගේ සාක්කුවට වැටෙන ක්රමය අප්සට් ගියොත් ලංසා දන්නවා ඇතිවෙන අවුලේ තරම.
ඉතින් ඒ හින්දම තමයි මෛත්රි ලොක්කල ව හරි හැත්ත බුරුත්තත් එක්කම ගේමක් ගහල පුංචි රෝමේ තියා ගෙදර පවුලවත් පාලනය කරගන්න තරම් චාරයක් නැති මලයව මිගමුවේ නගරාධිපති කරල තව දුරටත් පවුලට කළු සල්ලි ලබාගන්න සැලසුම් හදන්නේ .
ඉතින් එහෙව් ලංසට ඇමතිකමක් නැතුව බැ. දැන් ඔය හෘද සාක්ෂියේ කථාව කියල ජනාධිපතිට ලියුම් දැම්මට ලංසත් දන්නව ගෝටත් දන්නව මේ කියන හෘද සාක්ෂියේ ඇත්ත.
ඇත්ත මිනිසුන්නට හෘද සාක්ෂිය කියන්නේ මහ බරක් වුනාට ලංසට ඒක වචන දෙකක් විතරයි .
මිගමුවට ගෝඨ ව ඉස්සෙල්ලම ගෙනාවේ සකාවුල්ලයි කපිලයි .මුස්ලිම් ජනතාවත් ඒක්කත් හමුවිම් සංවිධානය කරන්න හිටපු පළාත් සභා මන්ත්ර්රි සකාවුල්ල මුලික වෙලා තිබුන.
ඒකාබද්ධ විපක්ෂෙ මිගමුවේ හදන වැඩේදිත් ලංසා හිටියේ පැත්තක . සකාවුල්ල කපිලල සරත්ල තමයි මිගමුව පැත්තේ වැඩවලදි මහන්සි වුනේ . ලංසා යහපාලනේ ඇමතිකමත් අරන් එයාගේ සුපුරුදු විනෝදාංශත් කරගෙන ගිහින් පවුලත් ගොඩ දාල ප්රකෝටිපතියෙක් වුනා.
දැක්කනේ පහුගිය කාලේ මිගමුවේ පාස්කු ප්රහාරයන් මැරුන අය ගැන කිඹුල් කදුළු හෙලපු හැටි . ඇයි බොල හෘද සාක්ෂියක් තිබුන නම් අයින් වෙන්න තිබුනේ එතකොටනේ .
ඒ හින්ද හුලං අත බලමින් ඉන්න ලංස දන්නව ගානට රුවල දාගන්න ඔ්න විදිය ගැන . මිනිහ ඒකට වෙන්න ඇති හෘද සාක්ෂිය කියල නාමකරණය කරල ඇත්තේ ..
ඇයි බොල මොල හතේ බැසිල්ව ගෙනාපුහාම මිනිස්සුනට සහන ලැබෙනව කියල කියපු කෙනා මිනිස්සුන්ට දවස ගානෙම කෙළ වෙන කොට වෙනද මයික් ටයිසන් වගේ මයික් දැක්ක ගමන් අර දෙරණෙ ඒයාගේ මයික් අල්ලන අයවත් ලං කරන් කියන්න තිබුනනේ මටත් දැන් වස ලැජ්ජාවයි මමම බැසිල් ගැන කියපු ඒදා කථාව ගැන කියල.
එහෙම කියන්න මිනිහට ලැජ්ජාවක් කියල එක්ක තියෙන්න ඒපැයි ……