මීගමුවේ දේශාපාලන යථාර්ථය ගැන තවත් හෙළිදරව්වක් ඊයේ දිනයේදි මීගමුව ශ්‍රිලනිප සංවිධායක ලලිත් ටෙන්සිල් විසින් සිදුකර තිබුුණි..
එනම් ලංසා පවුලට මීගමුව නගරාධිතිධුරය ගැනිම සදහා රුපියල් කෝටි ගාණක් සහ කැමැති ඕනෑම වාහනයක් ලබාදෙන බව දායන් ලංසාගේ පියා විසින් තමන්ට කි බව මාධ්‍ය හමුවේ කියා සිටිමත් සමගිනි.
ලංකාව පුරාම මේ වන විට මන්ත්‍රිධුර ලබාගැනිම සදහා විවිධ මිළගණන් ඉදිරිපත් වෙමින් තිබුණද ලලිත් ටෙන්සිල් විසින් ඊයේ දිනයේ සිදුකරන ලද හෙළිදරව්වත් සමගින් පෙනි ගිය එක් පැහැදිලි කරුණ වන්නේ ලංකාවේ වැඩිම වටිනාකමක් ඉදිරිපත්ව ඇත්තේ මිගමුවේදි බවය.
මෙම ගණුදෙනුව කථා කර ගැනිම සදහා ලලිත් ටෙන්සිල් හමුවිමට පිලෙන්ද්‍රන් ලංසා හා මිගමුවේ තවත් ප්‍රධාන ව්‍යාපාරිකයෙකුද පැමිණ බව ලලිත් ටෙන්සිල් පවසා සිටි.
මේ පිළිබදව තමන්ගේ දුරකථනය තුල සාක්ෂි සටහන් ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
මේ අතර නිමල් ලංසා විසින් පසුගිය දිනක පුවත්පත් සාකච්ජාවක් පවත්වමින් කියා සිටියේ ඔවුන් කිසිදු මුදලක් මන්ත්‍රිවරුන්ට නොගෙවු බවය.
ලලිත්ගේ මේ පැහැදිලි හෙළිදරව්වත් සමගින් මීගමුවේදි ඇත්තට සිදුවුයේ කුමක්ද යන්න දැන් මීගමුවත් රටමත් ඉතා හොදින් දැනගත් අතර මේ කූට දේශපාලනය ගැන මහත් පිළිකුලකින් යුතුව සිය ප්‍රතිචාර දක්වන්නන් ගණන දිනෙන් දින ඉහල යමින් තිබේ.
මේ අය අතර මිගමුවේ කිතුණු පියතුමන්ලාද වෙති.
මේ නිසාම ලංසා පවුලට සිය කප්පම් නගරාධිපතිධුරයේ ජය සැමරිමට පවා නොහැකිව සිටින බවද වාර්ථා වේ.