”ලංසා කොයිපැත්තේද අපි ඊට විරුද්ධ පැත්තේ” – මීගමුවේ ශ්‍රිලනිප නාගරික මන්ත්‍රිවරු කියති!

0
85

lansa in Nugegodaමහින්ද රාජපක්ෂ ප්‍රමුඛ එකාබද්ධ විපක්ෂය මාර්තු 17 වනදා දැවැන්ත රැලියක් කොළඹදි සංවිධානය කිරිමට පියවර  ගනිමින් සිටිති.
.ඒ සදහා මීගමුවෙන්ද ජනයා සහභාගි කරවිමට මේ දිනවල මීගමුවේ මහින්ද පාර්ශවය සුදානම් වෙමින් සිටින බව වාර්ථා වේ.
වෙනදා මෙවන් රැළි සදහා බස් පිටින් කාන්තාවන් ප්‍රමුඛ පිරිස් කැදවාගෙන යනු ලැබුවේ නිමල් ලංසා මහතා විසිනි.
එහෙත් මේ රැළිය සදහා නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතාගේ දායකත්වය කෙබදුදැයි තවමත් අවිනිශ්චිතය.
කෙසේ වෙතත් තමන් විසින් මහින්ද පාර්ශවය වෙත ලංකර සිටින මීගමු නියෝජිතයා වන නාගරික මන්ත්‍රි දායල් නිලංග හරහා මෙම රැළියට තම සම්මාදම එක් කිරිමට නිමල් ලංසා ඇමතිවරයා බොහෝ දුරට කටයුතු කරනු ඇතැයි අපේක්ෂිතය.
කෙසේ වෙතත් මීගමුව තුල ශ්‍රිලනිපයේ පැහැදිලි පැල්මක් මතුව තිබේ.
ඒ මෛත්‍රි පිළ සහ මහින්ද පිළ වශයෙනි.
රටේ අන් නගර වල කෙසේ වෙතත් මේ පිළේ දෙකේ බෙදුම් රේඛාව වන්නේ ලංසා පවුලයි.ඊට හේතුව වන්නේ ලංසා පවුල කොයි පැත්තේද අපි හිටගන්නේ ඊට විරුද්ධ පිළේ යැයි පැහැදිලිව ප්‍රකාශ කරන්නට දැන් මීගමුව තුල නාගරික මන්ත්‍රි මණ්ඩලයක් ස්ථාවරයක් ගෙන තිබේ.ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ ලංසා මෛත්‍රිගේ නම් අපි මහින්දගේ බැරිවෙලාවත් ලංසා මහින්දගේ වුනොත් අපි එදාට මෛත්‍රිගේ .
මේ ඔවුන්ගේ ස්ථාවරයයි.
එය පැහැදිලිව ප්‍රකාශව ඇත්තේ තවත් වටයකින් තමන්ගේ සියළු ශක්තින්ගේ හයිය මීගමුවේ එක පවුලක් රජකරවන්නට මෙතෙක් කල් ක්‍රියාත්මක වු තිබු සැලැස්මට පැහැදිලිව වෙනස් එකකි.
මේ පිරිස විසින් සංවිධානාත්මකය සිය වැඩපිළිවෙල සමාජ ගත කරමින් සිටිති.මුස්ලිම් ජනයා හමුවිමට   හිටුප ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද ලබන සතියේ මීගමුට පැමිණිමට නියමිතව ඇත්තේද මේ සැලැස්මේ ප්‍රතිඵලයක් ලෙසිනි.
මේ සියළු වර්ධනයන් තුල ලංසා පවුල දේශපාලනික වශයෙන් දැවැන්ත අර්බුදයකට ගමන් කරමින් සිටින බැව් වාර්ථා වේ.
ඔහු මීගමුවේදි අන්ත පරාජයක් ලැබුවද දිස්ත්‍රික්කය තුල මනාප එකතුකර කර ගනු ලැබුවේ මහින්ද පිළේ ප්‍රබලයෙකු ලෙස දැවැන්ත ප්‍රදර්ශනාත්මක මැතිවරණ සටනක් ගෙන යමිනි.
මහින්ද පිළ වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුල ප්‍රසන්න රණතුංග සහ නිමල් ලංසා ප්‍රබල මැදිහත්විමක් කර තිබුණි.
මහින්දගේ  තේජාන්විත බව කියමින් දෙනෝ දාහක් කාන්තාවන් ඉදිරියේ ඉතා නොමනා අයුරින් මීගමුවේ පැවැති අවසන් ජනහමුවේදි රනිල් වික්‍රමසිංහ මහතාට බැන වැදුනේ ඔහුගේ එකම නායකයා මහින්ද යැයි කියා ගනිමිනි.
මේ සියල්ල එසේව තිබියදි හුලං අත යලිත් රුවල් දැමු නිමල් ලංසා ඊලගට ඉව ඇල්ලුවේ කෙසේ හෝ ඇමතිධුරයක් ලබාගන්නටය.
ප්‍රසන්න රණතුංග ඒ සියලු ඉල්ලිම් පසෙක හෙලද්දි නිමල් ලංසා ඇමති කම ඉඹලා පිළිගත්තේය.
එක්සත් ජාතික පක්ෂයේ බහුතරයකගේ අකමැත්ත මත වුවද ලංසාට  ඇමතිකම දෙනු ලබන්නේ මහින්ද පිලේ එක දතක් ගලවන අටියෙනි.
එපමණක් නොව කිසිදා මහින්ද විසින් ලබා නොදුන් ආසන සංවිධායකධුරයද ලංසාව වෙත පිරිනැමෙන්නේද මේ දත් ගැලිවිමේ න්‍යායයට අනුවමය.
ලංසාට ඇවැසි වුයේද තමන්ගේ මගඩි හෙළිකරගැනිම වලක්වාගෙන යහපාලනය අස්සේ හැංගි ජාමය බේරා ගන්නටය.මේ අනුව මෛත්‍රි පාර්ශවයේ උවමනාවත් නිමල් ලංසාගේ උවමනාවත් එකට සමපාත වි මේ ගණුදෙණුව සිදුවිය.
ලංසාගේ මේ දවල් මිගෙල් රැ දනියෙල් ගේම දැන් මහින්ද පිලේ බහුතරයකට මාට්ටු වි හමාරය.මේ නිසාම දැන් ඔහු කැපි යමින් තිබේ.
මල්ලි කෙසේ හෝ මහින්ද පිළ හරහා මීගමුවේ නගරාධිපතිවරයා කරවිමට සිතා පසුගිය කාලය තුල ක්‍රියාත්මක කරමින් සිටි ලංසා මෙහෙයුම දැන් අතරමග නතර කර දමන්නට සිදුවන ලකුණුද පහල වි හමාරය.
මේ පසුබිම යටතේ ලංසා එල්ලි එල්ලි බැසිල් රාජපක්ෂ හා හාදකම් පවත්වන්නේ මහින්ද පාර්ශවයේ සම්බන්ධතාවය ගිලිහි නොයන තත්වයක් නිර්මාණය කරගැනිම සදහාය.
එහෙත් එය ලෙහෙසි පහසු නොවන්නේ දැන් බැසිල්ට පවා එරෙහි ජනමතයක් මහින්ද පාර්ශවය තුලින්ම මතුවෙමින් එන පසුබිමකය.