ලංසා ගැන fake news නිර්මාණය විම වෙබ් මර්ධනය කිරිමේ තවත් කොන්ත්‍රාත්තුවක්ද ?

0
134

රාජ්‍ය ඇමති නිමල් ලංසාට කාත්තාවන් පිරිසක් පහර දි ඇතැයි කියා යළිත් පුවතක් පසුගිය දිනවල ෆේස් බුක් සහ ගොසිප් පිටු කිපයක පළව තිබුණි.
පළමුව ෆේස් බුක් පිටුවේ අප දුටු ඒ පුවත පසුව අප නවබිම නම් වු ගොසිප් අඩවියකද පළව ඇති බව දුටිමු.
කිසිදු මුලාශ්‍රමය සාක්ෂියක් නැතිව පච බෙදාහරික ගොසිප් අඩවිය දැන් වැහිවැහැලාය.
මේ අය තමන්ගේ ගොසිප් අඩවි ජනප්‍රිය කරගැනිම සදහා පච පුවත් මවමින් සිටි
ඒ වෙනුවෙන් පච පින්තුරද හදති.
ඇත්ත පමණක් කවදත් ලියන අපට දැන් මේ පච පුවත් නිසා සිදුව ඇත්තේ තවත් කරදරයකි.
හේතුව ලංසා ගුටි කැවා යැයි ඇතැම් ගොස්පි අඩවි විසින් පළකර ඇතැයි කියන පුවත ගැන අපගෙන් බොහෝ දෙනා විමසන්නට පටන් ගෙන තිබිම නිසාය.
අපට කියන්නට ඇත්තේ එක දෙයකි.
ගොසිප්කාරයන් පළකරන දේවල් ඔබ ඒ ගොසිප් පප්ලාගෙන්ම අසා දැනගන්න.
මන්ද අප කිසි විටක ගොසිප් පළනොකරන නිසාය.
තවත් ඒක් දෙයක් පමණක් කිව යුතුව ඇත.
ලංසාට ගැහැණුන් පිරිසක් ගසා ඇතැයි nawabima.lk නම් වු ගොසිප් පිටුව සදහන් පුවතට අදාළව යොදාගෙන ඇති ඡායාරුප සියල්ල 2018 ඔක් 19 වෙනිදා මිගමුවේ සිදුවු ගැටුම ඡායාරූප බවය. ඒ් ඡායාරූප සියල්ල නිමල් ලංසාගේ සහෝදරයා වන නගරාධිපති දයාන් ලංසාගේ ෆේස් බුක් පිටුවේ පළව තිබු පින්තුර විම ගැනද සැලකිල්ල දැක්විය යුතුව ඇති කරුණකි

ඒවා නැවත සංස්කරණය කොට මේ ගොසිප් කාරයන් විසින් පළකර ඇත.
ඇත්ත නොදැන ඔහේ පුවත් වනන ගොසිප්කාරයන් නිසා මේ රටේ වෘත්තිය වෙබ් ප්‍රවෘත්ති කලාව දැවැන්ත අර්බුදයකට මුහුණ දි තිබේ.
ඒ නිසාම එවැනි පච කියන අය ගැන පැහැදිලිව හෙළිදරව් කිරිම වෘත්තිය වෙබ් පුවත් මාධ්‍යකරුවන්ගේ වගකිමක් ලෙසින්ද අප දකිමු.

තවත් එක් වැදගත් කරුණක් මෙහිලා මතුකළයුතුව තිබේ.එනම් නිමල් ලංසා ගෑනුන්ගෙන් ගුටි කෑවා යැයි කියන ව්‍යාජ පුවත( fake news ) ලංසාල සහ බැසිල් පාර්ශවයේම වැඩක්දැයි කියන සැකයයි.මේ පුවත සදහා අවැසි පින්තුර දයාන් ලංසාගේ ෆේස් බුක් පිටුවෙන් ගැනිමම තවත් සැලකිය යුතුව ඇති කරුණකි

රාජපක්ෂ පවුලේ මිලගට ඔටුන්න බළා සිටින බැසිල් රාජපක්ෂ ඔවුන්ට එරෙහිව ඇත්ත ලියන ඇත්ත කියන සමාජ මාධ්‍ය වේදිකා සහ වෙබ් අඩවිය දැඩි පාලනයකට යටත් කිරිම සදහා දැනටහත් කුමන්ත්‍රණ සැලසුම් කරමින් සිටිනවා විය යුුතුය.
ලබන 19 වෙනිදා ඒ සදහා යම් පණතක්ද කැබිනට් අනුමැතිය සදහා ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව අරුණ පුවත් පත පසුගියදා පළකර තිබුණි

ඒ අනුව මෙවැනි ව්‍යාජ පුවත් ලංසාලට හා බැසිල්ට සමිප හෝ ඒ අයගේ පිටු මගින් ප්‍රචාර කොට වෙබ් පුවත් යනු ව්‍යාජ පුවත් මවන පිරිසක් ලෙස සමාජය තුල හංවඩු ගැසිමටත් පෙරළා නිතිය තුල කොටුකිරිමට රාජපක්ෂලා සුදානම් වෙමින් සිටින්නේ ද යන සාධාරණ සැකයක් අප අතර පවති
ලංසාගේ මේ සෙරප්පු කථා ඒ කුමන්ත්‍රණවල යම් කිසි දිගුවක් ලෙසින් අප තේරුම් ගනිමින් සිටිමු