ලංසා ජයවීර ගැටුම උග්‍රවෙයි -සරත් පැත්තක් ගනියි

0
55

jayaweeraඇමති නිමල් ලංසා සහ මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර අතර කලක පටන් ක්‍රියාත්මකව පැවැති ශිතල යුද්ධය දැන් උණුසුම් එකක් බවට පත්ව ඇත.
ඒ ඊයේ ඇතිවු සිදුවිමක්ද හරහාය.
සාමාන්‍යයෙන් නගර සභා මාසික රැස්විමට පෙර මන්ත්‍රි කණ්ඩායම රැස්විමක් සදහා එකතුවේ.
එය කැදවනු ලබන්නේ ඇමති නිමල් ලංසාගේ මූලිකත්වයෙනි.
එහෙත් ඊයේ සිදුව තිබුෙන් වෙනත් කිසි දවසක සිදුනොවු එකකි.
එනම් ඇමති නිමල් ලංසා විසින් මෙන්ම ඇන්ටනි ජයවීරද මන්ත්‍රි කණ්ඩායම රැස්විමක් දෙකක් කැදවා තිබුණි.ඒ සවස 5 ට සහ 6 ට වශයෙනි.
එහෙත් ගැටුම එළිපිටටම ගෙන එමින් ඇමති ලංසා සිදුකර තිබුනේ දැන දැනම ඔහු විසින් සවස 6 ට කැදවා තිබුණ රැස්විම සවස 5 ට ලෙසින් වෙනස් කිරිමයි.
මේ තත්වය ආරංචි වු මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න ජයවීර විසින් කැදවා තිබුණ රැස්විමට පැමිණ ඔහුගේ සහයට වාඩිවි සිට ඇත.
වසර ගණනාවක විවිධ වරදාන ලැබු මේ මන්ත්‍රිවරුන් බහුතරයක් දෙනා තමන්ගේ ඇත්ත ස්වාමියා ලගට ගොස් තිබුණි.
එනම් ඇමති නිමල් ලංසා ලගටය.
නමට පමණක් අඇන්ටනි ජයවිර සිටියද මීගමුව පාලනය කරනු ලැබුවේ ඇමති නිමල් ලංසා විසිනි.
එහෙත් අද සිට මේ තත්වය අභියෝගයට ලක්කිරිමට ඇන්ටනි ජයවිරට කටයුතු කරන්නට සිදුවනු ඇත.ඒ තමන්ගේ දශක 3 නකටත් වැඩි දේශාපාලන ජිවිතය රැක ගැනිම වෙනුවෙනි.
ඔහුගේ සහයට අවැසි නම් ජනාධිපතිතුමා හමවට යෑමට වුව මීගමුව සංවිධායක ඇමති සරත් ගුණරත්න සුදානමින් සිටින බව පැවසේ.