ලංසා පවුලට තාමත් කෘත ගුණ සලකන මීගමුවේ එජාප නාගරික මන්ත්‍රිලා ?

0
50
ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.

Unp win 10මීගමුවේ මහනගර සභාවේ සිටින එජාප නාගරික මන්ත්‍රින්ගෙන් බහුතරයක් දෙනා තවමත් ලංසා පවුලට සිය කෘත ගුණ නොපිරිහෙලා  ඉටුකරන බව  වඩාත් විශ්වාසනිය අන්දමින් අපට අප වෙත වාර්ථා වි තිබේ.
සිය දියණියන්ගේ නිවාස ඉදිකරගැනිම් වලදි පමණක් නොව දිග දිමේ කටයුතු වලදිද නගර සභාවේ කොන්ත්‍රාත් ලබාදිම් නිසාද වරප්‍රසාදිතයන් පිරිසක් බවට පත්ව ඇති මීගමුවේ මේ එජාප මන්ත්‍රින් පිරිස දැනට දශකයකට පමණ ආසන්න කාලයක් තිස්සේ ලංසා පවුලේ අය වෙත සිය කෘතවේදිත්වය නොපිරිහෙලා ඉටුකරමින් සිටිති.

ඇමති නිමල් ලංසා සහ බිරිද මේන්ම සොහොයුරු දයාන් ලංසාද මෙහි වෙයි.

මේ පිරිස අතරේ  කාලයක පටන් තලාහේන පේරුව නියෝජනය කරන අය මෙන්ම වැල්ලවිදිය සහ පෝරුතොට පැතිවල වෙසෙන්නෝද වෙති.අප මීට ඉහතදි හෙළිකළ පරිද්දෙන් ඇමති නිමල් ලංසාගේ සොහොයුරු දයාන් ලංසාව මෙවර මහින්ද පිලෙන් මිගමුවේ නගරාධිපති පුටුවට තබන්නට සැලැසුම් සහගතව කටයුතු කරගෙන යන මෙහෙයුමක් මීගමුව තුල ක්‍රියාත්මක වෙද්දි මීගමුව මහනගර සභාවේ මුදල් කාරක සභාවට කෙසේ හෝ නාගරික මන්ත්‍රි දායන් ලංසාවට ඇතුළු විමට ඉඩ ලබාගත යුතුව තිබේ.
ඒ සදහා ක්‍රියාත්මකව ඇති ඇමති නිමල් ලංසා කෙසේ හෝ විපක්ෂයේ මන්ත්‍රිවරුන් 6 දෙනෙකුට වැඩි පිරිසකගේ ඡන්දය ලබාගෙන ඇත.
දශකයටත් වැඩි කාලයක් මීගමුවේ පාලනය එක් පවුලක උවමනාව මත ක්‍රියාත්මක වෙමින් තිබියදි එයට අභියෝග කරමින් මීගමුව තුල එජාප නගරසභාවක් ගොඩනැගිමේදි මීගමුවේ ආසන සංවිධායක රොයිස් විජිත හට ඇති ප්‍රබලතම අභියෝගය වන්නේ ඔහුගේ  මන්ත්‍රි කණ්ඩායමේ මේ හැසිරිම නොවේද ?
ගෙවුන දශකයකට ආසන්න කාලය තුල මීගමුව සංවර්ධනයේ  වැඩිමනත් ප්‍රතිලාභ භුක්ති විදි ලංසා පවුලට අතදිගහැර කෘත ගුණ සලකන මේ මන්ත්‍රිලා සමගින් මීගමුවට යහපාලනය ගෙනඒමට මීගමුව එජාප සංවිධායක රොයිස් විජිතට ඇත්තටම හැකිවේද ?